SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තරුණයෙකු පැහැර ගැනීම පිළිබඳ සිද්ධියකට වරදකරු වී බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී  

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කොළඹ මහාධිකරණ වෙත ඇප  අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

 

ඇය සිදු කළ  වරද සම්බන්ධයෙන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දැනටමත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බැවින්, ඇප පනත ප්‍රකාරව ඇයට ඇප ලබා දෙන ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

 

2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

 

චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළේය.

 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

 

ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරවරයා නියෝග කළේය.

 

එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් ය.

 

නවතම ලිපි