SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • වෙඩිතලතිව් සහ වන්කලෙයි රක්ෂිතය අනතුරේ!
  • මන්නාරම සුළං බලාගාරයේ අනුමත ධාරිතාවය මෙගාවොට් 35ක්!
  • ලංසු කැඳවා ඇති ධාරිතාවය මෙගාවොට් 50ක්!
  • ලං.වි.ම. මහජනතාව නොමග යවන බවට LEC චෝදනා කරයි!

 

මිනිසාගේ භෞතික උවමනාවන් කේන්ද්‍ර කරගනිමින්  සිදුවන ඊනියා සංවර්ධනයේ තවත් එක් අදූරදර්ශී තීන්දුවකට රජය ගමන් කරමින් පවතී. ඒ මන්නාරමේ ස්වභාවික පරිසරයට බරපතල හානි ගෙන දෙන සුළං ව්‍යාපෘතියයි.

 

මිනිස් අවශ්‍යතාව මත පදනම්ව පරිසරවේදීන්ගේද අදහස් එක්කරමින් අවම පාරිසරික බලපෑමකට යටත්ව අනුමත කර ඇති නියමයන් ද අනීතිකව උල්ලංගනය කරමින් මෙගාවොට් 35ක ප්‍රමාණය හොර රහසේම මෙගාවෝට් 50 දක්වා දීර්ඝ කර ඇති බවට අප වෙත වාර්තා ලැබී ඇත.

 

 tharanga 1

ලංකා පරිසර බල මණ්ඩලයේ කැඳවුම්කරු තරංග ශ්‍රී ජයසූරිය

 

ලංකා පරිසර බල මණ්ඩලයේ කැඳවුම්කරු තරංග ශ්‍රී ජයසූරිය පවසන්නේ මන්නාරම සුළං බලාගාරයේ දැනට පවතින මෙගාවොට් 100 MW ට අතිරේකව අවශ්‍යව ඇති මෙගාවොට් 35 MW සඳහා පමණක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබියදී, ලංකා විදුලිබල මණ්ඩලය විසින් එය මෙගාවොට් 50 MW ක පුළුල් කිරීමකට ටෙන්ඩරයක් නිකුත් කර ඇති බවය.

 

මේ ව්‍යාපෘතියට ඉල්ලුම්කිරීමට කැමැත්තක් දැක්වූ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අනුව, ජුනි 26 වන දින, පාර්ශවකරුවන් ඉදිරියේ මෙම ව්‍යාපෘතිය සඳහා එකී ලංසු විවෘත කර ඇත.

 

mann win 3

 

එහිදී දැඩි පාරිසරික බලපෑම් පිළිබඳව සැලකිල්ලට ගෙන තම්බපවනි සුළං බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 35කින් වැඩි කිරීමට පමණක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇත්තේ ද නිශ්චිත කොන්දේසි සහිතවය.

 

මෙහිදී වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතය සහ වන්කලෙයි කුරුළු අභයභූමිය වැනි ආරක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව ඒවායේ පාරිසරික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම මූලික කරගනිමින් අදාළ සුළං උත්පාදන යන්ත්‍ර ඉදිකිරීමේ සීමාවන් ඊට ඇතුළත්  ඇතුලත් කර තිබුණි. 

 

tharanga 2

වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුව ලංකා විදුලිබල මණ්ඩලය වෙත යවා ඇති ලිපිය

 

මෙහිදී මෙගාවොට් 35ක් පමණක් අනුමත කර තිබියදී මෙගාවොට් 50ක ධාරිතා වැඩිවීමක් මත ලංසු ඉල්ලා සිටීම පිළිබඳව ලංකා පරිසර බල මණ්ඩලයේ කැඳවුම්කරු තරංග ශ්‍රී ජයසූරිය විසින්  විදුලිබල මණ්ඩලයට එරෙහිව අදහස් දක්වා කියා සිටින්නේ ඔවුන් ජනතාව නොමඟ යවන බවට චෝදනා කරමිනි. 

 

විදුලිබල මණ්ඩලය විසින් අනුමත සීමාවෙන් ඔබ්බට සුළං බලාගාරය නීති විරෝධී ලෙස වැඩි කිරීමට උත්සාහ කරන බවත්, එමගින් වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතය සහ වන්කලෙයි කුරුළු අභයභූමිය අනතුරට ලක්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

දැනට මන්නාරමේ සංක්‍රමණික පක්ෂීන් ගැන ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන ඇතැම් මහාචාර්යවරු තම්බපවනි සුළං ගොවිපළ සඳහා වූ පාරිසරික බලපෑම් ඇගයීමේ (EIA) ක්‍රියාවලියට අයත් වූවෝ වෙති.  

 

සුළං බලාගාරය සඳහා සම්ප්‍රේෂණ මාර්ගය රම්සාර් අඩවියක් හරහා ඉදිකරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කුරුළු පරාවර්තක නොමැතිකම හේතුවෙන් කුරුල්ලන් සහ වවුලන් මිය ගිය ගොස් ඇත. පාරිසරික යුක්තිය පිළිබඳ සාකච්ඡා කරන ඇතැම් පාරිසරික උපදේශක කණ්ඩායම් තම්බපවනි බලාගාරයේ පශ්චාත් ව්‍යාපෘති අධීක්ෂණය සඳහා විදේශ අරමුදල් ලබා ගනිමින් සිටින අතර මෙම මෙගාවොට් 35 - 50 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව නිහඩ පිලිවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි සැකයක් මතුව ඇත. 

 

ඒ අනුව අත්‍යාවශ්‍ය අනුමැතියකින් තොරව තම්බපවනි දෙවන අදියර මෙගාවොට් 50ක් දක්වා ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් පරිසර සංවිධාන සහ පක්ෂි විශේෂඥයින් නිහඬව සිටීම පුදුමය දනවන සුලු ය.

 

ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ  විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ ලංකා විදුලිබල මණ්ඩලය  තුළ සිටින අදාළ නිළධාරීන් අතර වන මූල්‍ය සබඳතා මෙම නිහඩතාවට සම්බන්ධ විය හැකි බවය. කෙසේ වුවද මේ නිසා පාරිසරික අවශ්‍යතා ආරක්ෂා කිරීමේදී ඔවුන්ගේ අපක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්න මතුව ඇත. 

 

මන්නාරම සුළං ගොවිපළේ ධාරිතාවය පුළුල් කිරීම, ව්‍යාපෘතියේ සංවර්ධනය සහ ආරක්ෂිත වනජීවී ප්‍රදේශවලට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් මෙන්ම  පරිසරවේදීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත සම්බන්ධයෙන් ද එසේම  ලංකා විදුලිබල මණ්ඩලයේ නොමඟ යැවීමේ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් ද ලංකා පරිසර බල මණ්ඩලය චෝදනා කරයි.

 

mannar windmanna win

nalan mendis

නවතම ලිපි