SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට පසුගිය (24) වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.

 

ඒ අනුව මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමි වෙනවා.

 

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කර තිබෙනවා.

 

2025 .06. 28 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2015 නිකුත් කිරීමෙන් පසු එම චක්‍රලේඛය සහ එයට අනුශාංගිකව නිකුත් කළ චක්‍රලේඛවල හිමිකම සමඟ එයට අතිරේකව සේවාවෙහි තනතුරෙහි සුවිශේෂිතා සැලකිල්ලට ගෙන විශේෂ දීමනා අනුමත කළ සේවාවවලට තනතුරුවලට අයත් නිලධාරීන්ට මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වන දිනට අදාළ විධිවිධාන අනුව හිමි වන දීමනාව/ දීමනා 25,000ට වඩා අඩුනම්, ඔවුන්ට එම දීමනා සහ මෙම චක්‍රලේඛය මඟින් හිමිවන රුපියල් 25,000 අතර වෙනස පමණක් ගෙවිය යුතු වන අතර, එම දීමනාවවෝ දීමනා රුපියල් 25,000ට සමාන හෝ ඊට වඩා වැඩි වන්නේ නම්, එම දීමනාව/ දීමනා මෙම චක්‍රලේඛයට අනුව සංශෝධනය නොකළ යුතු බව එහි සඳහන් වෙනවා.

 

ඒ අනුව, 2020.01.07 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2015 (IV) මඟින් තාවකාලිකව අත්හිටුවන ලද අංක 18/2015 (Ill) දරන 2019.12.07 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 2024.06.30 දින සිට අවලංගු කෙරෙන අතර 201.12.12 දිනැති අංක 28/2011 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ට 2023.11.12 දිනැති අංක 23/2013 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ නිලධාරීන්ට මෙන්ම අමප/13/1466/533/016 හා 2013.10.31 දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී එළැඹි අංක 4107 තීරණය අනුව ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට එකී විධිවිධාන අනුව ගෙවනු ලබන දීමනා 2024.07.01 දින සිට ගෙවනු ලැබෙනවා.

 

මෙම චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාව ඇතිව නිකුත් කර ඇති අතර මෙම චක්‍රලේඛ විධිවිධාන 2024.07.01 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

 

 

@asianmirror