SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුනයිටඩ් යූත් සංවිධානය විසින් පසුගිය ඉරිදා මොරටුව මැතිවරණ කොට්ඨාශය ආවරණය වන පරිදි වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබුණු අතර

ඉන් එක් වැඩසටහනක් වූයේ දහම් පාසැල් දරුවන්ට පාසැල් උපකරණ බෙදා දීමකි.

 

 IMG 20240701 WA03371

 

මෙම වැඩසටහන මොරටුව බොරුපන සාම විහාරස්ථානයේ දී විහාරාධිපති සුමන හිමියන්ගේ සහ විහාරවාසි අමිතසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසකට නොමිලේ පාසල් උපකරණ බෙදාදීමක් සිදුකරනු ලැබීය.

 

යුනයිටඩ් යූත් සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීන රංගන ශිල්පී අර්ජුන කමලනාත් සහ මොරටුව හිටපු නාගරික මංත්‍රී අරුණසිරි විසින්  මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඒ සඳහා කලාකරුවන් ලෙස රෝහනී වීරසිංහ, නිලූශි පවන්‍ය, රජිත හිරාන්, නෙරංජලා ජයසිංහ, තාර්යා කෙනදා, රංග විජේවික්‍රම, සම්පත් වාස්, කුමාර ජයකාන්ත සහ ශෂිකලා හෙට්ටිආරච්චි මෙන්ම  ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම ඇතුඵ විශාල ප්‍රමාණයක් සිය දායකත්වය ලබා දී තිබුණි.

 

මිනිසුන් සියළු සත්වයින්ට උපකාර කල යුතුයි

 

එහිදී අනුශාසනාව සිදුකරමින්  බොරුපන සාම විහාරාධිපති කොළඹ ආනන්ද විදුහලේ ආචාර්යය පූජ්‍ය සුමන හිමියන් දේශනා කර සිටියේ අද සමාජය ගුණ ධර්මවලින්  ඈත්වෙමින් පැවතීම කණගාටුවට කරුණක් බවය.

 

“ඇති හැකි අය, නැති බැරි අයට පමණක් නොව, සියඵ සත්වයින්ට යමක් ලබා දීම සමාජ සත්කාරයක් මෙන්ම යුතුකමක් කොට මම සලකනවා. අද ඒ යුතුකම ඉටු කරන්න යුනයිටඩ් යූත් සංවිධාන පෙරමුණ ගෙන සිටින බව අපට අසන්නට, දකින්නට ලැබෙනවා.  යුනයිටඩ් යූත් සංවිධානය ඔබ වෙනුවෙන් ඒ යුතුකම් ඉටු කිරීමට මෙම විහාරස්ථාන පැමිණීම මා ඉතා අගය කොට සලකනවා. අපි මිනිසුන් වශයෙන් එකිනෙකාට උදව් පදව් කළ යුතුයි. නැති බැරි අයට හැකි ආකාරයට උපකාරයක් කළ යුතුයි. ඒකට තමයි කියන්නේ පින් දහම් කරනවා කියලා. ඒ පිංදහම් කළාම ලැබෙන ආනිසංස ගොඩක් තියෙනවා. එය මේ ආත්මයේ පමණක් නොව ලබන ආත්මයටත් ඔබට ඒ පිං බලයෙන් මහත් ප්‍රතිඵල ගෙන දේවි. එම නිසා අපි සෑම කෙනෙක්ම යුතුකම් ඉටු කරන සමාජයක් වෙනුවෙන් පෙළගැහෙන්න කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා”.

 

අප මේ ක්‍රමය වෙනස් කළ යුතුයි

 IMG 20240701 WA04081

 

මෙහිදී අදහස් දැක් වූ ප්‍රවීන රංගන ශිල්පී අර්ජුන කමලනාත් පැවසුවේ, කලාකරුවන් වශයෙන් පමණක් නොව මිනිසුන් වශයෙන් ආගම දහමට ලැදි කිසිවෙකුටත් වෛර නොකරණ පිරිසිදු  හදවතක් ඇති මිනිසුන් වශයෙන් ජීවත් විය යුතු බවය.

 

 “අප එකිනෙකාට වෛර කරමින්, සමාජයටම වෛර කරමින් ජීවත් වීම නැවැත්වීමට ක්‍රියා කළ යුතුයි. අද සමාජයේ දක්නට ලැබෙන්නේ ඊර්ෂාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරිගිය පිරිසක් විසින් සමස්ත  මිනිසුන්ව එවැනි සිතුවිලි වලට පෙළඹවීමට උත්සාහ කිරීමක්. ඒ තුලින් රටේ අනාගත පරපුර ගුණ ධර්ම වලින් ඈත් කිරීමට දරණ උත්සාහය දැඩි පිලිකුලෙන් හෙලා දකිනවා.  අප මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒ සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප පෙරමුණ ගෙන ක්‍රියා කරනවා”.

 

IMG 20240701 WA03991

 

මෙම අවස්ථාවට යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර ද සහභාගී වූ අතර පැමිණ සිටි මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් ඔහු  පැවසුවේ  මිනිසුන් ආර්ථික ප්‍රශ්න වලට මැදිව ජීවන අරගලය සඳහා පීඩාකාරි ලෙස වෙහෙසෙන විට සමාජ වෛරය පැතිරවීම ඉතා පහසු බවය.

 

එම තත්වය මත සමහර පිරිස් පටු වාසි තකා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ඉතාම ඛෙදනීය තත්වයක් බව යුනයිටඩ් යූත් සභාපති සුදත් චන්ද්‍රසේකර වැඩිදුරටත් කියා සිටියේ ය..

 

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය

.IMG 20240701 WA02271IMG 20240701 WA02331IMG 20240701 WA02371IMG 20240701 WA03501IMG 20240701 WA03971IMG 20240701 WA04081IMG 20240701 WA04101IMG 20240701 WA04161IMG 20240701 WA04221