SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02)නිකුත් කර ඇත. 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම්  සරත් ඒකනායක විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික්‍රමසිංහ මෙම තහනම නිකුත් කර තිබුණී .

 

තහනම් නියෝගය නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මක වන අතර මෙම නියෝගය ප්‍රකාරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයේ කටයුතු කිරීමට තමන්ට කිසිදු බාධාවක් නොමැති බව  ජයසේකර සඳහන් කළේය.

 

කෙසේ වුවද මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායමක් වෙත වාරණ නියෝගයක් ක්‍රියාත්මක වන අතර ශ්‍රිලනිප සභාපතිත්වය දරන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ය. එහි මහලේකම් ලෙස පත්කර ඇත්තේ ශ්‍රිලනිප හිටපු මහලේකම් වරයෙකු වූ දුමින්ද දිසානායක ය.

 

දැන් ශ්‍රිලනිප මහලේකම්  දයාසිරි ද? දුමින්ද ද කියා පාක්ෂිකයින්ට ගැටළුවක් වී ඇතැයි වාර්තා වේ.