SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී බන්ධනාගාරගතව සිටින

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී ඇත.

 

ඒ බව පවසා ඇත්තේ ඇයගේ  ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ දී සලකා බලනු ලැබූ අවස්ථාවේ දී ය.

 

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත්  විරෝධතාව ලිඛිතව ගොනු කිරීම සඳහා කල්ලබා දෙන ලෙසය.

 

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසටත් නියෝග කර ඇත.

nalan mendis

නවතම ලිපි