SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට

අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියි.

 

ඒ අනුව හෙට (05) දිනයේ පෙරවරු 9.30ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ගොස් වැඩ බාර ගන්නා ශ්‍රිලනිප  මහලේකම්වරයා කියයි. ඔහු පවසන්නේ කිසියම් පිරිසක් ආණ්ඩු බලය යොදා ගෙන එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව අධිකරණයට යන බව බවය.

 

එම නිසා කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකර තමාට නිදහසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස දයාසිරි ජයසේකර මහලේකම්වරයා ඉල්ලා සිටියි.

 

පක්ෂ මූලස්ථානය කිසිවකුගේ බූදලයක් නොවන බව පැවසූ ඔහු  එම එම ස්ථානයට සහ තමා සමග එහි එන පිරිස වෙනුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන සලසන ලෙස පොලිස්පතිවරයාට, කොට්ඨාසය භාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවද කීය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන සෑම සියලු දෙනාටම මෙම අවස්ථාවට පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන බව පැවසූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා  කිසිවෙක් කිසිවකට බිය නොවිය යුතු බවද අවධාරණය කළේය.

 

nalan mendis

නවතම ලිපි