SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තිරසර ලංකා ජාතික ව්‍යාපාරයේ විශේෂ ව්‍යාපාරික හමුවක් පසුගිය  04 වැනිදා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්,  

ලංකාවේ ව්‍යවසායකයින්,  ව්‍යාපාරිකයන් රැසකගේ සහභාගිත්වයෙන් රාජගිරිය සදහම් සෙවණ අන්තර්ජාතික බෞද්ධ පර්‍යේෂණ මධ්‍යස්ථානය පරිශ්‍රයේදී පැවැත්විණි.

 

"තිරසර සංවර්ධනය පදනම් කරගත් ව්‍යාපාරික උපායමාර්ග " යටතේ  පැවති මෙම හමුවේදී, ජාතික නිෂ්පාදන අවශ්‍යතා සපුරන්නේ කෙසේද  යන්නත්, අන්තර්ජාතික වෙළෙඳපොළ වෙත ඇතුළුවන්නේ කෙසේද  සහ අන්තර්ජාතික මෘදු ණය සහ සහනාධාර ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව ව්‍යවසායකයන්ට වැදගත්වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ගැණුනි. 

 

WhatsApp Image 2024 07 06 at 09.45.12

 

ලෝකයේ නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගනිමින් ඒවා වෙත අවතීර්ණ වීම සහ පවතින ව්‍යාපාර, හරිත සංකල්පය තුල සංවර්ධනය කළ යුතු ආකාරය සහ ඒ තුල නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගනිමින් වැඩි ඵලදායීතාවයක් ලබාගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිය. එ‌හිදී  ඒ සඳහා සිදුවිය යුතු රාජ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

 

බහුජන ව්‍යාපාරයක් ලෙස තිරසර ලංකා ජාතික ව්‍යාපාරය තුලින් ඉහත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ඉටුකරමින් පවතින සහ අනාගත වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා වූ අතර එම වැඩපිළිවෙළ ව්‍යාපාරික ප්‍රජාවගේ නොමද පැසසුමට පාත්‍ර වී ඇත.

 

WhatsApp Image 2024 07 06 at 09.45.141

 

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ  රටක් ලෙස සංවර්ධනය වීමට අවශ්‍ය සම්පත් සහ මුදල් සපයාගැනීමට කාබන් ක්‍රෙඩිට් අලෙවි කිරීම වැනි රාජ්‍ය සහ පරිසර හිතකාමී මාර්ග ඕනෑතරම් තිබියදී සාපේක්ෂව සුළු මුදලක් වෙනුවෙන් IMF වැනි මූල්‍ය ආයතන පසුපස හඹාගොස් ඔවුන්ගේ කොන්දේසි වෙත යටත්වීම විශාල අනුවන ක්‍රියාවක් බවයි. 

 

එසේම නවීන ලෝකය තුල විදෙස්ගත ශ්‍රමිකයා මතම නොයැපී විදේශයන් වෙත සේවා සැපයීම මගින් විශාල වශයෙන් විදේශ විනිමය රැස්කිරීමට ලොව රටවල් උනන්දු වන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිපත්තීමය ප්‍රතිසංස්කරණ මගින් අන්තර්ජාල සේවා සපයන තරුණ පරපුර දිරිමත් කරවීමට කටයුතු කළ යුතු බවද රතන හිමියන් විසින් වැඩිදුරටත් අවධාරණය කළේය.

 

WhatsApp Image 2024 07 06 at 09.45.14WhatsApp Image 2024 07 06 at 09.45.121

 

@මාධ්‍ය ඒකකය

 තිරසර  ලංකා ජාතික ව්‍යාපාරය