SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස.ජ.බෙ. වෙතින් කොටසක් රනිල් වෙත එකතු නොවේ නම් පොහොට්ටුවේ රනිල් වෙත සහය දැක්වීමට බලාපොරොත්තු වන කොටස

නැවතත් පොහොට්ටුවේම රැඳී සිටිනු ඇති බව theday.lk වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එම වෙබ් අඩවිය වැඩිදුර වාර්තා කර ඇත්තේ අද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ ගැසට්ටුව නිකුත් වෙනවාත් සමගම, මැතිවරණ කොමසාරිස් කාර්යාලය විවෘත කල සැනින් රනිල් වික්‍රමසිංහ සඳහා ඇප මුදල් තැන්පත් කිරීමත් එහි පියවරක් වන බවත් ය. ඒ අනුව ඊට හේතුව වී ඇත්තේ ස.ජ.බ. මන්ත්‍රීන් වෙත විශ්වාසයක් ඇති කිරීම බව theday.lk වෙබ් අඩවිය අවධාරණය කරයි.

කෙසේ වුවද මේ වනතුරුත් සජබ වෙතින් කොටසක් ගැලවී එන බවක් පෙනෙන්නට නොමැති බවත් එසේ වුවහොත් පොහොට්ටුවෙන් ගැලවෙන්නට නියමිතව සිටි පිරිස යළිත් පොහොට්ටුවේම රැඳෙනු ඇති බවටත් එකී වෙබ් අඩවිය අනුමාන කරයි.

පොහොට්ටුවෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳ තීරණය එළැඹෙන සඳුදා දින ප්‍රකාශයට පත්කරන බව එම පක්ෂයේ ආරංචිමාර්ග පවසයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි