SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු සංශෝධන ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.

ඇප තැන්පතු සංශෝධන සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් කරන ලද යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කර ඇතත්, එය නීතියක් ලෙස මෙතෙක් සම්මත නොමැතිවීම නිසා එම සංශෝධන ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවීමට හේතුවී ඇත.

 

ඇප තැන්පතු ලෙස ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු නම් රුපියල් ලක්ෂ තිස් එකක මුදලක්ද, පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු නම් රුපියල් ලක්ෂ විසිහයක මුදලක් ඇප තැන්පතු ලෙස තැබිය යුතු අතර, අදාළ මුදලින් රුපියල් ලක්ෂයක් නැවත නොගෙවන තැන්පතුවට අයත් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

 

නාමයෝජනා කටයුතුවලදී වැයවන මහජන මුදල් අවම කිරීම සඳහා ආපසු නොගෙවන රුපියල් ලක්ෂයක තැන්පතුව අයකිරීමට මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර ඇතැයිද ඔහු පැවසුවේය.

 

ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු විසින් රුපියල් හැත්තෑපන් දහසක මුදලක්ද,පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු රුපියල් පනස්දහසක මුදලක්ද ඇප තැන්පතු ලෙස තැබීමට නියම කර තිබිණි.

 

මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල තීරණය කරනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සහාව සහ ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවද ඔහු කීවේය.

 

@aruna

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි