SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ  බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොහොට්ටු පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියා සිටියි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හෙට (28) හමුවීමට නියමිත බවද එකී ආරංචිමාර්ග පවසයි.

එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළද ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

පලාත් පාලන ආයතන සඳහා සියයට 30ක්,  පලාත් සභා සඳහා සියයට 35 ක් සහ පාර්ලිමේන්තුව සඳහා සියයට 40 ක් බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනාධිපතිවරයා යෝජනා කළද බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන සදහා සියයට 90 ක්, පාර්ලිමේන්තුව සහ පලාත් සභා සඳහා සියයට 70 ක් බැගින්  ඉල්ලා සිටි බවත් ආරංචිමාර්ග කියා සිටී.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි