ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කරනු ලබන සියලුම මන්ත්‍රීවරුන්
ඔවුන් දැරූ වගකීම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ වන විට ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සැලසුම් කර ඇති බව පොහොට්ටුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව පක්ෂයේ ආසන සංවිධායක ධූර මෙන්ම පක්ෂයේ නිලතලවලින්ද මෙම පිරිස ඉවත් කිරීමට නියමිතය.
අදාළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹීමට නියමිතව ඇතැයි වාර්තා වේ.