SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව

පොහොට්ටුවෙන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සිටි පොහොට්ටු මන්ත්‍රී ධම්මික පෙරේරා ලිඛිතවම දැනුම් දී ඇත. ‌

 

ලිපියේ එකී  කරුණ පිළිබඳව සඳහන් ව නැතත් දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ තම මව රෝගාතුර වී රෝහල්ගත කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවය.

 

හෙට (07) ඔහුව ඉදිරිපත් කරන බව පවසා සිටියත් අද සවස ඔහු තමන්ගේ අකමැත්ත පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා වෙත දන්වා තිබේ.

 

D le

 

“2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම

පළමුව, 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් මා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධව පක්ෂ නායකත්වයටත්, ඔබතුමාටත්, අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් මා ගේ හෘදයාගම ස්තූතිය පළ කරමි.

නමුත්, පෞද්ගලික හේතුවක් මත මා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව මෙයින් කාරුණිකව දන්වමි. පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතු සාර්ථකත්වය උදෙසා මාගේ සුභ පැතුම් මෙයින් එක් කරමි.

ස්තූතියි මෙයට හිතවත්

ධම්මික පෙරේරා (පා.ම.)”

 

මේ අතර අද (06) රාත්‍රී ජනාධිපති වික්‍රමසිංහ රෝගාතුරව රෝහල්ගතව සිටින ධම්මික පෙරේරාගේ මෑණියන්ව බැලීම සඳහා යෑමට අදහස් කර ඇති බව සිරිකොත ආරංචිමාර්ග පවසයි.

නවතම ලිපි