SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත්වීමට හිටපු ජනාධිපතිවරුන් වන

රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සාකච්ඡා ආරම්භ කර ඇතැයි අද  මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

 

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ පිහිටි නිවසේදී ඊයේ (26දා) ජනාධිපතිවරණයේදී ඔහුට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡා පවත්වා ඇති අතර,
හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිට්ටඹුවේදී ඊයේ සාකච්ඡා පවත්වා ඇත.

 

එසේම සමගි ජන බලවේගය පක්‍ෂය සමග එක්සත් ජාතික පක්‍ෂය ද ඊයේ පොදු සන්ධානයක් ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සාකච්ඡා ආරම්භ කර ඇත.

 

 

ඒ අනුව දකුණු ඉවුරේ ප්‍රධාන දේශපාලන පක්ෂ එක්ව මේ මොහොතේ තරඟ වදින්නට සූදානම් වන අතර ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යව පැවති ලංකාවේ ප්‍රධාන දහරාවන් දෙක සුපැහැදිලි ලෙස බෙදී වෙන්ව යමින් පවතින බව විචාරකයින්ගේ මතය වී ඇත.

 

 

 

"ජනතා විමුක්ති පෙරමුණට අතීතයේ ඉඳලම අවශ්‍ය වෙලා තිබුණේ රාජ්‍ය බලය දිනා ගැනීම නොවෙයි, ලංකාවේ ප්‍රථාන විපක්ෂය බවට පත්වෙන්න.." ජවිපෙ හිටපු  ක්‍රියාකාරිකයෙක් එසේ පැවසුවේ ය.

 

නවතම ලිපි