SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇතැම් කප්පාදු කිරීම් සඳහා මීළඟ පාර්ලිමේන්තුවේදී නීතිමය සංශෝධන අවශ්‍ය වන බැවින්

නිර්ණායකයකට අනුව කප්පාදු කිරීම සඳහා හිටපු ජනාධිපතිවරුන්ගේ ප්‍රතිලාභ සමාලෝචනය කිරීමට රජය කටයුතු කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ව්‍යාපාරයේදී හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ඇතුළු අනෙකුත් ප්‍රතිලාභ අහෝසි කරන බවට ප්‍රතිඥා දුන්නේය.

 

 

කෙසේ වෙතත්, ඔවුන් සඳහා වන ප්‍රතිලාභ තීරණය වන්නේ 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනතේ විධිවිධාන අනුව ය.

 

නීතියට අනුව, සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ භාර්යාවකට, ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ, සුදුසු නිවසක් කුලියට නොගෙන භාවිතා කිරීමට අයිතියක් ඇත.

 

සුදුසු වාසස්ථානයක් ලබා නොදෙන්නේ නම්, මාසික විශ්රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් ගෙවිය යුතුය.

 

සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම ජනාධිපති පෞද්ගලික ලේකම් ධූරය දරන පුද්ගලයාට මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් ගෙවිය යුතුය.

 

හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹු බිරිඳක් සඳහා කැබිනට් අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් ධූරය දරන පුද්ගලයාට ගෙවිය යුතු මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් ගෙවිය යුතුය.

 

මේ වන විට කැබිනට් අමාත්‍යවරයෙකුට ලබා දෙන නිල ප්‍රවාහනය සහ අනෙකුත් සියලුම පහසුකම් ඔවුන්ට හිමි වේ. ඊට අමතරව ඒකාබද්ධ අරමුදලින් විශ්‍රාම වැටුපක් ද අයත් ය.

 

ඒ අනුව  මෙම සියලු ප්‍රතිලාභ සමාලෝචනය කර මැතිවරණ පොරොන්දුව අනුව ඒවා කප්පාදු කිරීම සඳහා වන නිර්ණායකයක් රජය විසින් සකස් කරනු ඇති බව ජනාධිපතිවරයාට සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි.

 

“මීට අමතර ප්‍රතිලාභ ලබා දී ඇත්දැයි අපි බලනවා. පනතේ දක්වා ඇති ප්‍රතිලාභ කප්පාදු කළ හැක්කේ නීති සංශෝධන මගින් පමණයි"

එකී ආරංචිමාර්ග වැඩිදුරත් පවසයි.

 

ලබන සඳුදා පැවැත්වීමට නියමිත මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත්  සාකච්ඡා කිරීමට නියමිතය.

 

 

@ඩේලිමිරර්

නවතම ලිපි