SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට  වරප්‍රසාද රැසක් අහෝසි කිරීමේ යෝජනාව ඊයේ පැවති

නව ජනාධිපතිවරයාගේ  කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.

 

 

ජනාධිපති අනුර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේ මෙම අනුමැතිය හිමි වී ඇත.

 

 

ඒ අනුව තීරු බදු රහිත වාහන බලපත්‍ර, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප, කාර්යාලයක් සඳහා ගෙවන රුපියල් ලක්ෂයක දීමනාව, රුපියල් පනස්දහසක මාසික දුරකථන දීමනාව, තුන් ලක්ෂ පනස් දහසක් වන වාර්ෂින මුද්දර දීමනාව ඒ අනුව අහෝසි කිරීමට අදාළව  නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමටද තීරණය වී තිබේ.

 

 

පළමුව එම වරප්‍රසාද ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේක අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

 

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් හිමිව ඇති වරප්‍රසාද අහෝසි කිරීමට නියමිතව ඇතත් පාර්ලිමේන්තු පනතක් මගින් ලබා දී ඇති එම වරප්‍රසාධ අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව පැවසේ.

 

නවතම ලිපි