SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායකට

"හූ" කියා කුණුහරුපයෙන් බැන වැදී දැඩි විරෝධයක් එල්ල කර ඇත.

 

 

ඒ "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී බදාදා (02) එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී වන අතර එහිදී එම සංවිධායකවරුන් එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ට ද එලෙසින්ම "හූ" කියා කුණුහරුපයෙන් බැන වැදී විරෝධය පළ කර ඇත.

 

 

මුලින්ම මෙම විරෝධය මෙසේ පළ කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වන අතර ඒ සමගම අනෙකුත් සියලුම සංවිධායකවරුන් දිගින් දිගටම දැඩි ලෙස සිය විරෝධය පළ කර ඇත. මේ පිරිස පාලනය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ද නොහැකි වී තිබේ.

 

 

එම සංවිධායකවරුන් එහිදී අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් වික්‍රමසිංහ විනාශ කළේ සාගල රත්නායක සහ වජිර අබේවර්ධන බවය.

 

 

මේ අතර රැස්වීම අවසන් වීමෙන් අනතුරුව සාගල රත්නායක "සිරිකොත" මූලස්ථානයෙන් පිටව යද්දී එම සංවිධායකවරුන් ඔහුගේ වාහනයට ද වතුර බෝතල්වලින් පහර දී තිබේ.

 

 

@lankanewsweek