SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 “පසුගිය කාලේ ජනතාවගේ විරෝධයට ලක්වෙලා හිටපු නිලධාරීන් සහ ව්‍යාපාරික පැළැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා.

 

පසුගිය කාලේ දූෂිත චෝදනා ලබපු සමහර අමාත්‍යාංශ ලේකම්වරු ඒ විදිහටම තියාගෙන යන්න දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න එක මේ තත්ත්වයට උදහරණයක්.”

- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.

 

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජන අරගල සන්ධානය නුගේගොඩදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.

 

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ පත්වීම සමාජයේ දැඩි අප්‍රසාදයට පත්ව ඇති බවද හෙතෙම කිවේය.

 

 

“දැන් ලංගම සභාපති විදිහට පත් කරපු කෙනා තමයි ගෝඨාභය ආණ්ඩුවේ ලංගම හිටියෙ. දැන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර විදිහට පත්කරල තියනවා අනීෆ් යූසූෆ්. මොහු තමයි එක්ස් ෆෝ ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විදිහට හිටියේ. පහුගිය කාලේ සාවද්‍ය ඉන්වොයිසකරණය හරහා ඩොලර් බිලියන 56ක පමණ ප්‍රමාණයක් නීති විරෝධී විදිහට පිටරටවලට ගෙනිහින් තියනවා.

 

 

ඒ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ මේ එක්ස් ෆෝ ලංකා සමාගම. 2018 – 19 මූල්‍ය වර්ශයේ මේ සමාගමේ ශුද්ධ ලාභය තිබුණෙ රුපියල් මිලියන 1909ක් විදිහට. හැබැයි 2021 – 22 මූල්‍ය වර්ෂය වෙද්දි මේ මුදල රුපියල් මිලියන 72792ක් දක්වා වේගයෙන් ඉහළ ගිහිල්ලා. එතකොට මේක 36% ගුණයක ලාභය ඉහළ යාමක්. පහුගිය කොවිඩ් අර්බුදය කාලේ මේ සමාගම කොහොමද මෙච්චර තමන්ගේ ලාභ රේට්ටුව වැඩි කරගත්තෙ? එතකොට ඒ සමාගමේ විධායක ප්‍රධානියා එකතු කරගෙන මේ ආණ්ඩුව යන්න සූදානම් වෙන ගමන මොකක් ද? එතකොට මේ සමාගම් මෙච්චර ලාභයක් හෙව්වෙ කොහොමද කියන කාරනය ගැන විමර්ශනයක් වෙලා තියනවද?

 

 

දැන් IMF එකත් එක්ක ආණ්ඩුව සාකච්ඡා ආරම්භ කලා. පහුගිය අඟහරුවාදා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විදිහට විජිත හේරත් කිව්වා කිසිඳු සැලැස්මක් තවම සකස් කරලා නෑ කියලා. මේක බරපතළ ප්‍රශ්නයක්. එතකොට මේ සාකච්ඡා වල එකඟතා මොනවද? පහුගිය කාලේ රනිල්ලා ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළම ද ඉස්සරහටත් ක්‍රියාත්මක වෙන්නෙ?

 

 

ඉන්දියානු විදේශ අමාත්‍ය ජයශංකර් අද (04) දිනයේ ලංකාවට පැමිණෙන්න නියමිත වෙලා ඉන්නෙ. ආණ්ඩුව මේ වෙනකල් කියලා නෑ මොකටද ඔහු ලංකාවට එන්නෙ කියල. එතකොට මේ සියලු කරණු ගැන බරපතළ ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා ආණ්ඩුව මේවා ගැන වහාම ජනතාවට හෙලි කරන්න ඕන.

 

 

@Aruna