SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි මහමැතිවරණයෙන් පසු ප්‍රබල විපක්ෂය බවට පත්වෙමින් ආණ්ඩුව නිවැරදි මඟ ගෙනයාම

මව්බිම ජනතා පක්ෂයේ අරමුණ බව ව්‍යවසායක දිලිත් ජයවීර කියයි.

 

 

ඒ අතර ඉංජිනේරු ආනන්ද දේවසිංහ ගේ සභාපතීත්වයෙන් යුත් '' පිරිපුන් සංවිධානය'' මව්බිම ජනතා පක්ෂය සමඟ ඊයේ දිනයේදී (04) එක්වුණි.

 

ඔහු මව්බිම ජනතා පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක සහ දැරණියගල ආසන සංවිධායක වශයෙන් පත්කෙරුණි.

 

"පිරිපුන් තරුණ සංවිධානයේ'' නායක ව්‍යවසායක සංජය වීරසිංහ පත්වීම් ලැබුවේ මව්බිම ජනතා පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රචාරක ලේකම් සහ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙසය.

 

ඊට අමතරව පිරිපුන් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ නායක තුෂාර වීරසිංහ ට මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රචාරක ලේකම් තනතුරු පිරිනැමුණි.

 

මේ අතර ව්‍යවසායක ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මව්බිම ජනතා පක්ෂය සමඟ ඊයේ  එක්වුණි.

 

මෙහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ, නායක, ව්‍යවසායක දිලිත් ජයවීර,

 

ප්‍රශ්නය - දැන් ඔබට තරග කරන්න වෙන්නේ මාලිමාව, ගෑස් සිලින්ඩරය, ටෙලිෆෝනය එක්ක. ඒ එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර කීයක් බලාපොරොත්තු වෙනවා ද? 

 

"වැඩිම ප්‍රමාණය ලබාගැනීමට අපි උත්සාහ කරනවා. හැබැයි ඒක නෙමෙයි තීරණාත්මක. අපි කොච්චර දුරට තීරණාත්මකව මේ දේශපාලනයේ නියුක්ත වෙලා, දිවයිනම නියෝජනය කරමින් කෙතරම් ජනතාවකට අපේ පණිවුඩය ගෙනියන්න පුළුවන් ද කියන එක. අපි කැමතියි ප්‍රධාන විපක්ෂය වෙන්න. ඒ සඳහා අපි මහන්සිවෙලා වැඩකරනවා."

 

ප්‍රශ්නය - ඔබ අගමැතිකමට තරග කරන්නේ නෑනේ. අනිත් කට්ටිය ඔක්කෝම අගමැති තනතුරනේ බලාගෙන ඉන්නේ. 

 

"අපේ ඉදිරියේ තියෙන්නේ මහා මැතිවරණයක්. ඒ මැතිවරණයේ දී වඩාත් ප්‍රායෝගික ඒ වගේම ශිෂ්ට සම්පන්න භාවිතය වෙන්නේ ඔවුන්ට ඔවුන්ගේ රජයක් නිර්මාණය කිරීමට ඉඩ ලබාදීමයි. පවතින දේශපලනය යටතේ. ඒක තමයි ප්‍රබුද්ධ දේශපාලනය. අපි ඔවුන්ට බලකළ යුතුයි හරි දේ කරන්න. ඒක තමයි ප්‍රබුද්ධ හා ප්‍රශස්ත දේශපාලනය."