SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා

හිටපු මන්ත්‍රීන් 35 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට නොකරන බව ප්‍රකාශ කොට ඇත.

 

 

ඔවුන් අතර  හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු වන  මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ද ඇතුලත් ය.

 

 

සෙසු මැති ඇමැතිවරුන් අතර හිටපු කැබිනට් අමාත්‍යවරුන් පස්දෙනකු ද,  හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනක් පමණ ද,  හිටපු මන්ත්‍රීන් 25 දෙනකු පමණ වෙතැයි වාර්තා වන අතර මේ අය තම හිතවතුන් රැස්කරවා තම තීරණයන් ප්‍රකාශයට පත්කොට ඇත.

 

ඒ හැර තවත් මන්ත්‍රීන් හා හිටපු අමාත්‍යවරුන් පිරිසක් පක්ෂ මාරු කරගැනීමකින් පසු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම්ව ඇතැයි ද වාර්තා වේ. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක  රනිල් වික්‍රමසිංහ ගේ සමීපතම ප්‍රබලයින් දෙදෙනෙකු ද වන බව ආරංචිමාර්ග පවසයි.

 

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම සෝදා පාළුව යමින් ඇති බව එජාප ආරංචිමාර්ග පවසයි.

 

එජාපයේ පසුගිය රැස්වීම අතරතුර ජාතික සංවිධායක සාගල රත්නායකට එජාප පාක්ෂිකයන් විසින් අසභ්‍ය වචන කියා බැණ වැදී ඇති අතර හූකියමින් වතුර බෝතල්වලින්ද දමා ගසා ඇති බව පුවත් වාර්තාවන්හි පළවිය.

 

මේ අතර පක්ෂයේ උද්ගත වී තිබෙන අර්බුදය සහ රටේ පවතින දේශපාලන තත්වය  මත  ඉදිරි මහා මැතිවරණය සඳහා තරඟ කිරීමට නම්  සමගි ජන බලවේගය හා එක්විය යුතු බව  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ගේ තීරණය වී ඇතැයි වාර්තා වේ.

 

 

ඉදිරි මහා මැතිවරණයට තරඟ නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇති අතර එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මෙන්ම නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ද  සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නට සාකච්ඡා කෙරෙන බවට අභ්‍යන්තර  ආරංචිමාර්ගවලින්  පැවසේ. රුවන් විජේවර්ධනගේ සමීපතම සගයින් මේ වනවිටත් සජබය හා එක්ව මැතිවරණයට තරඟ කිරීමට සූදානම්ව ඇත.

 

 

 

කෙසේ වෙතත් කිසිදා තම පක්ෂයේ නායකකම හැර නොයන, අත් නොහරින  රනිල් වික්‍රමසිංහ සහ ජාතික සංවිධායක සාගල රත්නායක, වජිර අබේවර්ධන ඇතුළු කිහිප දෙනෙක් පමණක් පක්ෂයේ තනිවනු ඇති බව විචාරකයින්ගේ මතය වී ඇත. පක්ෂය තවදුරටත් රැකෙන්නට නම් නව තරුණ නායකත්වයකට පක්ෂයේ නායකත්වය පැවරිය යුතු බව ද ඔවුන් පවසයි.

 

 

 

 

නවතම ලිපි