කොංගෝ රාජ්‍යයේ කිව් විලෙහි යාත්‍රා කළ සංචාරකයින් පිරිසක් රැගත්
බෝට්ටුවක් පෙරලීයෑමෙන් අනතුරට පත්ව ඇති අතර එහි ප්‍රමාණය ඉක්මවා කළ මගී ප්‍රවාහනය හේතුවෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
අනතුරින් 23 කගේ සිරුරු සොයාගැනීමට හැකිව ඇති අතර පුද්ගලයින් 64 ක් අතුරුදහන්ව ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
අනතුරින් පුද්ගලයින් 40කගෙ දිවි බේරා ගැනීමට සමත්ව තිබුණි.