රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති
ධම්මික ප්‍රියන්ත අද වැඩ බාරගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
පසුගියදා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කර මෙම නව පත්කිරීම සිදු කෙරිණි.
රටේ නව පාලනය විසින් ආරම්භ කර ඇති, පසුගිය වකවානුවේ සිදුවූ අපරාධ පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට සහායක් වශයෙන්, හිටපු ප්‍රධානියා තනතුරින් ඉවත්කළ බව රජයට සම්බන්ධ පුවත් වාර්තා සඳහන් කරයි.