SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සර්වජන බලය දේශපාලන එකමුතුව ‘පදක්කම’ ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා

තරග කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

 

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල සර්වජන බලය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදීය.

 

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් සර්වජන බලය දේශපාලන එකමුතුව සඳහා ලියාපදිංචිය ද ලබා දී ඇත.

 

කෙසේ වෙතත් එම එකමුතුව පසුගිය ජනාධිපතිවරණය සඳහා ‘තරුව’ ලකුණින් ඉදිරිපත් වූ අතර එම ලකුණ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලකුණ වේ.

 

එම ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නොහැකි වීම හේතුවෙන්  පක්ෂයේ විධායක සභාව විසින් ‘පදක්කම’ ලකුණ තෝරාගෙන එය මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ලියාපදිංචිය ලබා ගෙන ඇත.

 

 

නවතම ලිපි