සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ගේ සේවය
වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය දීමත් සමඟ ඔහුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කොට ඇත.
එමෙන්ම එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ.ඩී.එන් ජයවීර පත් කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පැවති ආණ්ඩුව තුළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ක්‍රම සහ විධි කාරක සභාව මගින් මෙරට අරක්කු සමාගම් විසින් කරගෙන යනු ලැබූ බදු පැහැර හැරීම, ව්‍යාජ ස්ටිකර් මාෆියාව වැනි දුෂණයන් මගින් රටට අති විශාල මුදල් ප්‍රමාණයක් අහිමිකර ඇති බව සොයාගැනීම හා එම සමාගම් වලට එරෙහිව කටයුතු කරන ලෙස නියෝග දී තිබුණද මෙසේ සේවයෙන් ඉවත් කරනු ලැබූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒවා ක්‍රියාත්මක නොකර තව තවත් එම අරක්කු සමාගම් වලට සහන ලබාදෙනු ලැබිණ.
මෙසේ රටට අති විශාල මුදල් ප්‍රමාණයක් අහිමි කළ අරක්කු සමාගම් වලට එරෙහිව කටයුතු කරන ලෙසත් ඒවා ක්‍රියාත්මක නොකරන සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ක්‍රම සහ විධි කාරක සභාව වශයෙන් ඉල්ලීම් කර තිබුනද හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම පසෙකට දමා තිබිණ.
නමුදු වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පත්වීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ක්‍රම සහ විධි කාරක සභාව විසින් ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම තුලින් රටට අහිමි වූ මුදල් නැවත ලබාගැනීම මෙන්ම දුෂිත රාජ්‍ය සේවය පිළිබඳව ගනු ලබන තීරණ, අප අගය කළ යුතුය.