හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ ජනප්රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක අද (09)
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළි දැක්වූයේය.
ඒ අනුව “මයික්රෆෝනය” ලකුණින් එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බව කියයි.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු ක්රිකට් නායක තිලකරන්න ඩිල්ෂාන් පත්කර ඇත.