SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී චම්පික රණවක ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණේ සභාපති

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පක්ෂ සාමාජිකත්වයෙන් සහ පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි දේශපාලන  ආරංචිමාර්ග සඳහන් කරයි.

 

 

අද දින සිට මෙම ඉල්ලා අස්වීම ක්‍රියාත්මක වන බවත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර වෙත ලිපියක් නිකුත් කරමින් සභාපති අජිත් අමරසිංහ පවසා ඇතැයි වාර්තා වේ.

 

 

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ 2023 මැයි මස 22 වෙනි දින ජනරජ පක්ෂය පිහිට වූ අවස්ථාවේ සිට ආරම්භක සභාපති වශයෙන් පත්ව සිටියේය.

 

ඔහු පවසා ඇත්තේ 2022 වසරේ ජනතා අරගලය තුළින් ක්‍රියාකාරී දේශපාලනයට තමා පිවිසි බවත් රටේ ජනතාව වෙනුවෙන් සුළුවෙන් හෝ යහපත් සේවාවක් වෙනුවෙන් කැපවීමට දායකත්වය ඉදිරියටත් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

 

කෙසේ වුවද සභාපති ධූරයෙන් ඉවත් වීම  පිළිබඳව නිශ්චිත හේතුවක් ඔහුගේ ලිපිය මගින් ප්‍රකාශ කර නැති අතර බොහෝ විට ඊට පාදකව ඇත්තේ මෙවර මහා මැතිවරණයට තරඟ කිරීම අත්හැර දැමීම පිළිබඳව ඔහු විරුද්ධත්වය ප්‍රකාශ කර තිබූ බව පක්ෂයට සම්බන්ධ හිතවතුන්ගේ මතය වී ඇත.

 

සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේදී පක්ෂ දෙක අතර වූ අවබෝධතා ගිවිසුම සජිත් පිල විසින්  කැඩුවේ යැයි පවසමින් එකසත් ජනරජ පෙරමුණ මෙවර මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත් වී තිබුණි. එහිදී ඇත්ත වශයෙන්ම ආසන 11ක් පිළිබඳව සඳහන් කර තිබුණද ඡන්දයකින් ජයග්‍රහණය කළ හැකිව තිබුණු ආසන ප්‍රමාණය එකක් හෝ දෙකකි. ඒ රත්නපුරය දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නාමයෝජනාද අත්සන් කර සිටි කරු පරණවිතානය.

 

 

එහිදී අජිත් අමරසිංහ පක්ෂයේ සභාපතිවරයා ලෙස මැතිවරණයට තරඟ නොකිරීම ගත් තීරණයට තදින් විරුද්ධව සිටි බව ආරංචිමාර්ග පවසන අතර කව්රුන් හෝ ජයග්‍රහණය කළ හැකි කිහිප දෙනාට හෝ ඊට  අවස්ථාව ලබාදිය යුතු බව ඔහුගේ අදහස වී තිබුණි.

 

 

මැතිවරණයට ඉදිරිපත්ව නාමයෝජනා ලබාදුන් පිරිසෙන් කරු පරණවිතාන පක්ෂයේ තීරණය හා එක්ව ඉවත්ව සිටි අතර එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේද රත්නායක සහ තවත් අපේක්ෂකයෙකු පක්ෂ‌යේ තීරණයට එරෙහි වෙමින් සමගි ජන බලවේගය පක්ෂය හා එක්ව තරඟ කිරීමට පියවර ගෙන තිබුණි. කරු පරණවිතානට මෙවර රත්නපුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ඒ වනවිටත් නිර්මාණය වී තිබූ බව පැවසේ.

 

 

කෙසේ වුවද ඉවසීම සහ පියවරක් පිටුපසට ගෙන මෙම දේශපාලන මොහොත තීන්දු තීරණ ගැනීමට නොහැකි වීම නිසා එක්සත් ජනරජ පෙරමුණ ඉතිහාසයේ තවත් විනාශයට ලක්වන දේශපාලන පක්ෂයක් බවට පත්වේද?

 

 

43 සේනාංකයේ නායකයෙකු වූ අනුරුද්ධ ප්‍රදීප් කරන්සූරියගේ පක්ෂ අනාවැකි තහවුරු වෙමින් පවතිනවාද?

 

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි