SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උගන්ඩාවේ සල්ලි හංගපු කථාව කිවේ බොරුවට බව මාළිමාව පිලිඅරගෙන..

 

මේ ගන්න ණය වලට කරන දේ හෙළි කළ යුතුයි..

 

මාළිමාවේ ලැයිස්තුවෙ ඉන්නා ගම හඳුනන්නෙ නැති අය.

 

රනිල් ඩොලර් බිලියන 18ක ණය කැපුවා. අනුර කෝටි 50,000 ණය අළුතින් ගත්තා.

 

 

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ අවබෝධයකින් යුතුව කරගෙන ගිය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනත් ආකාරයකින් කරන්නට ගොස් වත්මන් ජනාධිපති සහ රජය අමාරුවේ වැටී ඇති බවත්, ණය ගැනීම හැර වෙනත් කිසිම දෙයක් වත්මන් රජය කර නැති බවත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

 

බලය ලබා ගැනීමට බොරු කියූ ප්‍රථම දේශපාලන පක්ෂය බවට ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයට එකතුවෙන බවත්, ආණ්ඩුවේ නොහැකියාව හඳුනාගත් පිරිස් මේවන විටත් සිලින්ඩරය ලකුණ වටා එකතුවෙමින් සිටිනා බැවින් ජනාධිපතිවරණයෙ දි ලබාගත් 42% රැක ගැනීම ආණ්ඩුවට අභියෝගයක්ව ඇතිබවත් ඔහු පැවසීය.

 

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසූවේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 

සිලින්ඩරය ලකුණෙන් ඉදිරිපත්වෙන එ.ජා.ප ය සහ අනෙක් පක්ෂ කණ්ඩායම් ඉතා උද්යෝගීමත් ලෙස මැතිවරණ කටයුතුවල යෙදී ඉන්නවා. ජ.වි.පෙ මේ මැතිවරණය නියමිත දිනටත් කළින් තියන්න තමයි උත්සහ ගන්නේ . මොකද ඒ අය දන්නවා පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා. කියපු බොරු එළිවෙනවා කියලා.

 

කොහොම උනත් අපිට සන්තෝෂයි මැතිවරණයක් ජයග්‍රහණය සඳහා නිළවශයෙන් බොරු කියූ පළවෙනි පක්ෂයේ විදියට ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසගත වෙනවා. ඒ කියන්නේ ඔවුන් නිල වශයෙන් පිළිගත්තා හොරකන් කරපු සල්ලි උගන්ඩාවේ තියන්වා ඒවා ගේනවා කීවේ බොරුවට කියලා.

 

ඒ විතරක් නෙවෙයි ඒ විදියට තව බොරු කීවා. තෙල් වලින් ඇමතිගේ සාක්කුවට සල්ලි යනවා කියුවා. ඔය වගේ නොයෙක් දේවල් අද බොරු බවට පත්වෙලා තියෙනවා . තරුණ තරුණියන් රවට්ටන්න කියපු කතා. සමාජය මුලා කරන්න ගොතපු බොරු සියල්ල අද එළිවෙලා.  දවසින් දවස තව තව එළිවෙනවා. එදා අර 42% ගත්තු ජනාධිපතිවරයාගේ පක්ෂයට මේ මහා මැතිවරණයේදී 42%  ගන්න බැරි මට්ටමකට පත්වෙලා.

 

 ඒ රැවටිලා හිටපු කණ්ඩායම්, මේ රටේ ඉන්න කෙළෙහිගුණ දන්න මිනිස්සු. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරපු සේවය ගැන දන්න මිනිස්සු. නමුත් ඒ චෝදනාවලට ඒ අභූත චෝදනාවලට රැවටිලා හිටපු මිනිස්සු, බොරුවට හදපු වෛරයට රැවටිලා හිටපු මිනිස්සු දැන් අපේ සිලින්ඩරේ ලකුණෙන් තරග කරන කණ්ඩායමට සහයෝගය දෙන්න දැන් සූදානම් වෙලා ඉන්නවා.

 

 ඒ වගේම සමගි ජන බලවේගය කිව්වට ඒකේ තියෙන්නේ සමගියක් නෙවෙයි අසමගියක් කියන එක කියන තේරුම් ගත්ත සමගි ජන බලවේගයේ ගම්වල ඉන්න කණ්ඩායම්, පාක්ෂිකයෝ මේ සියලු දෙනා එකතුවෙලා අගමැතිකම දීලත් ගත්ත නැති නායකය එක්ක ඉන්නේ නැතිව නැවත වතවක් තමන්ට හුර පුරුදු එක්සත් ජාතික පක්ෂය වටා එකතු වෙමින් ඉන්නවා. ඒ නිසා සිලින්ඩරය ලකුණෙන් හොඳ කණ්ඩායමක්  හොඳ බලයක් අරගෙන,  පාර්ලිමේන්තුවට එන්න නියම වෙලා තියනවා.

 

පාර්ලිමේන්තුවට යවන්න ඕන උගත් අය පාර්ලිමේන්තුවට යවන්න ඕනි බුද්ධිමත් අය ඒකෙ කිසි තර්කයක් නෑ. හැබැයි පාර්ලිමේන්තුවට යවන්න මේ රට ප්‍රායෝගිකව ගොඩ නගන්න පුළුවන් මිනිස්සු.  ප්‍රායෝගිකව දේශපාලනය කරන්න දන්න මිනිස්සු ඝෝඨාභය රාජපක්ෂා එක්කත් කණ්ඩායමක් ආවා වියත් මග කියලා . ඒ අය තමයි ඝෝඨාභය රාජපක්ෂ විතරක් නොවේ රාජපක්ෂාලා සේරම විනාෂ කරලා දැම්මේ. 

 

අද npp කියලා වෙනම ලෝගුවක් දාගෙන ඇවිල්ලා තියෙන්නේ ඔය ආචාර්ය මහාචාර්යවරු තමයි හැබැයි ආචාර්ය මහාචාර්යවරු මහා ප්‍රබුද්ධ අය දානවා කියලා .ඒත් ලයිස්තුවල ඉන්නේ  අර 87 - 89 ජෙවීපී එකේ හිටපු අය කට්ටියම තමයි. හැබැයි තවත් කණ්ඩායමක් දාලා තියනවා . ඒ කට්ටිය ගමේ අඳුරන්නෙත් නෑ ගමේ මිනිස්සු ඒ ප්‍රදේශයේ අය අඳුරන්නෙත් නෑ. පාර්ලිමේන්තුවට මේ වගේ කණ්ඩායමක් ගියොත් ගමක මනුස්සයෙකුට වැඩක් කර ගන්න වෙන්නේ නෑ . මිනිස්සුන්ට නම් වැඩක් කරගන්න හම්බෙන්නෙ නෑ. ප්‍රදේශයට වැඩක් කරගන්න හම්බ වෙන්නේ නෑ. ප්‍රදේශයේ මිනිස්සුන්ට තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න හම්බවෙන්නේ නෑ මොකද ඒ අය ගම අඳුනන්නේ නැති වෙන වෙන පළාත්වලින් ඉම්පෝර්ට් කරපු අය තමයි  මාළිමාවේ ලයිස්තුවේ ඉන්නේ.

 

මේ ගාල්ල ගත්තත් එහෙම තමයි. තැන්තැන් වලින් ඉම්පෝර්ට් කරපු අය තමයි දාලා තියෙන්නේ. ඒ අය ගම්වල ජනතාව අඳුනන්නෙ නැති, ප්‍රදේශයේ ජනතාවට දැන හඳුනන්නේ නැති,  අඩුම ගානේ මළ ගෙදරක ගියපු නැති, ගමේ වැඩකට උදව් නොකරපු, ප්‍රජාසේවයකට එකතු නොවිච්චි කට්ටිය තමයි මාළිමාවේ ලයිස්තුවේ ඉන්නේ. ඒ වගේ  අය පාර්ලිමේන්තුවට ගිහිල්ලා, පාර්ලිමේන්තුවේ ගම නියෝජනය කරන්න පුළුවන් වෙන්නේ නෑ. පක්ෂේ කියන දේ නම් කරයි. ගමට වැඩක් වෙන්නේ නෑ.

 

මේ රටේ ණය ගැනීම ගැන කතා කරනකොට ණය අරගෙන ආණ්ඩු කරන්නනම් පිටකොටුවේ මුදලාලිලාටත් පුළුවන් කියලා තමයි අනුර කුමාර දිසානායක මහත්තයා කීවේ. එහෙම කියලා ණය ගන්නෙ නෑ කියපු අය දැන් කෝටි ගනනින් ණය ගන්නේ. මේ අයගේ ණය ගැනීම්වේ වේගය දැන් කියන්න වෙන්නේ පැයට කෝටි ගණනින්. පැයට කෝටි තුනයි ණය ගැනීමේ වේගය. ණය ගැනීමේ වේගය කොච්චරද කියනවනම් දන් කෝටි 50,000 ඉක්මව ණය අරගෙන අතියනවා. මේක කොතනින් කෙළවර වෙයිද දන්නෙ නෑ. මේ බැඳුම්කර විකුණන්නේ.  

 

මේ විදියට ණය ගන්න ගියාම  මොකද වෙන්නෙ, රනිල් වික්‍රමසිංහ ජනධිපති තුමා පසුගිය කාලේ කළේ ඩොලර් බිලියන 18 ක් ණය කපලා දුන්නා, ණය ගෙවන්න තියන කාලේ ඇදලා දුන්නා. මේ ගොල්ල ආපු දවසේ ඉඳලාම දිගින් දිගටම ණය ගන්නවා. මේ  අය කියනවනක් රටේ තියන වශ්‍යතවයන්ට ණය ගන්නෙ කියලා, ඉස්සර ණය ගත්තෙත් ඒකට තමයි. අය වැය හිඟය පියවන්න තමයි ණය ගත්තේ. ඒත් දැන් තියන ප්‍රශ්ණේ මේ ණය අරගෙන මේ අය මොකද කරන්නේ කියන එක පැහැඳිළි කරන්න වෙයි.

 

 ණය අරගෙන මේ අයට කරන්න බැරි අසාර්ථක කම, තමන්ගේ තියෙන අකාර්යක්ෂම කම අසාර්ථකත්වය වහගන්න ණය නයා අරගෙන මිනිස්සුන්ව ණය උගුලට හිර කරන්න යන්නේ. මේ අය අරක විකුණන දෙන්නෙ නෑ. මේවා කරන්න දෙන්නේ නෑ, ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධ වෙචච අය දැන් මොකද කරන්නේ ඉන්දියානු සමාගම් එක්ක තියන ගිවිසුම් ක්‍රියාත්මක කරනවා.

 

මේ අය නැවත වතාවක් රනිල් කරගෙන ගිය දේ වෙනින් විදියකට කරගෙන්න ගිහින්  ඇනගෙන තියෙන්නෙ. මොකද මේ කටයුතු හරියට කරන්න දන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා.

 

@මාධ්‍ය ඒකකය

marrikkar

නවතම ලිපි