SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ  - කොළොන්නාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්  පවසන්නේ

නිෂ්පාදන ආර්ථිකයක් හදා, අපනයනය වැඩිකර, ණය නොගෙන ජීවත්විමේ වටාපිටාවක් හදනවා යැයි කියමින් බලයට පැමිණි මාලිමා ආණ්ඩුව මේ වනවිට  දිනපතා, සතිපතා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කරන බවයි.

 

එසේම මේ වනවිට බඩු මිළ තව තවත් වැඩිවන තත්වයකට පැමිණ ඇති බවයි.

 

 

“සාමාන්‍යයෙන් අලුතින් ආණ්ඩුවක් ආවම ජනතාව විශාල බලාපොරොත්තු තියාගන්නවා ඉෂ්ට කරයි කියලා. විශේෂයෙන්ම වර්තමාන මාලිමා ආණ්ඩුව පහුගිය ආණ්ඩු කාලෙ කිව්වෙ ජනතාව මත අධික බදුබර පැටවීම නිසා බඩු මිළ ඉහළ ගිහින් තියෙනවා, ජීවන මට්ටම ඉහල ගිහින් තියෙනවා,  ජීවත්වෙන්න අමාරුයි කියලා.

 

එනිසා ජනතාව බලාපොරොත්තු උනා මේ ආණ්ඩුව ආපු ගමන් යම් මට්ටමක සහනයක් ජීවත්වීමේ සහනයක් ජනතාවට ලබාදෙයි කියලා.

 

අද බඩු මිල අඩුවෙනව කෙසේ වෙතත් ඉඩු මිල ඉහළ යන තත්වයකට තමයි පත්වෙලා තියෙන්නෙ.

 

දැන් 2015 අපි ආණ්ඩුව ආපු ගමනුත් බඩුමිල අඩුකළා.

තෙල් මිළ අඩුකළා, ගෑස් මිළ අඩුකළා.

රුපියල් දහදාහක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා.

ගැබිනි මාතාවන්ට පෝෂන මල්ලක් ලබාදුන්නා.

 

එතකොට දැන් වහා දියව්, වහා දියව්, වහා දියව් කියල අඛන්ඩව සටන් කරපු ආණ්ඩුවක් ආපු ගමන් දුක් විදින ජනතාව බලාපොරොත්තු වෙනවා යම්කිසි සහනයක් ලබාදේවි කියල.

 

අද එහෙම සහනයක් ලබාදෙන්නෙත් නැහැ. බදු බර වැඩිවෙලා බඩු මිළ වැඩිවෙන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම ණය බර වැඩිවන තත්වයක් ඇතිවෙලා තියෙනවා.

 

දිනපතා සතිපතා භාණ්ඩාර බැඳුම්කර නිකුත් කිරීම් සිදුකෙරෙමින් පවතිනව.

 

ඒ වෙනුවට ඒගොල්ලන් බලයට එන්න කලින් කිව්වෙ නිෂ්පාදන ආර්ථිකයක් හදල, අපනයනය වැඩිකරල, ණය නොගෙන මිනිස්සුන්ට ජීවත්විමේ වටාපිටාවක් හදනව කියල”.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න..

 

 

 

 

marrikkar

නවතම ලිපි