SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණවල විභාගවන නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් වී සිටින

රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ විශ්වසනීයත්වය බිඳහෙළීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල උත්සාහ දරන බව ජාතික ජන බලවේගය පවසයි.

 

 

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල සිදුකළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ නීතිඥ සාමුහිකයේ විධායක සභික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ඒ බව සඳහන් කළේය.

 

 

"ගම්මන්පිල මහත්මයා ප්‍රකාශකරනවා විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස් වාර්තාවේ සඳහන් වෙනවා කියලා නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට සහ ශානි අබේසේකර මහතාට අපරාධ චෝදනා ඉදිරිපත්කළ යුතු බවට.

 

බුද්ධි අංශ තොරතුරු ටොප් සීක්‍රට් කියන ටැග් එකත් එක්ක අප්‍රේල් 09 වනදා රවී සෙනෙවිරත්න මහත්තයාගේ නමින් එවලා තියෙන්න. එතුමා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අප්‍රේල් 13 වනදා. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන්  විමර්ශනය කරන්න භාරදෙනවා ප්‍රතිත්‍රස්ත ඒකකයේ අධ්‍යක්ෂවරයාට සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට. නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක ඒකකයට.

 

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, විශේෂ කාර්ය බළකායේ කමඩාන්ට්වරයාට ලිපියේ සඳහන් වෙනවා මේ කාරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විමර්ශනයන් පටන් අරගෙන ක්‍රියාත්මක වෙමින් පවතින බව.

 

එතකොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස්පතිවරයාගේ විධානයක් තිබිලා නැහැ.  ඊළඟට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය ගත්තොත් එහෙම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ අපරාධයෙන් පසු විමර්ශනය. එහෙම නැතුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හැකියාවක් නැහැ නිලධාරීන් යොදවා මාර්ග බාධක දාන්න, ශරීර පරික්ෂා කරන්න.

එතකොට රවී සෙනෙවිරත්නටත් ශානී අබේසේකරටත් කිසිම ආකාරයකින් වගකීමක් එන්න විදිහක් නැහැ මේ කාරණය සම්බන්ධයෙන් නීතිවිරෝධී නොකර හැරීමක් කරා කියන්නේ.

 

ගම්මන්පිල මහත්තයා කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු සහ ඉතා විශාල ප්‍රමාණයක් අධිකරණවල විභාග වෙමින් පවතිනවා. ඒ නඩුවල ප්‍රධාන සාක්ෂිකාරයෝ දෙන්නෙක් තමයි රවී සෙනෙවිරත්න මහතාත් සහ ශානි අබේසේකර මහතාත්. ශානි අබේසේකරයි, රවී සෙනෙවිරත්නගෙයි විශ්වාසනීයත්වය බිඳහෙළීමක් තමයි මේ වැඩෙන් සිදුකරලා තියෙන්නේ. මේ නඩු සියල්ලටම අන්තරාකාරී ලෙස බලපාන්න පුළුවන්. නඩුවේ ඉන්න ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ විශ්වසනීයත්වය බිඳෙන ආකාරයට කටයුතු කිරීම නිසා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ඉදිරියට පැමිණිය යුතු තවත් බොහෝ දෙනෙක් ගැලවිලා යන්න පුළුවන්."

 

මේ අතර අද පැවති මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර පාස්කු ප්‍රහාරයේ බුද්ධි වාර්තා සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව පෙන්වා දුන්නේය.

 

එබැවින් ඔවුන්ට අපරාධ චෝදනා යටතේ නඩු ගොනු කිරීමට නිර්දේශ වී ඇතැයි අනාවරණය කළේය.

 

 

@adaderana

marrikkar

නවතම ලිපි