ආරුගම් බොක්ක ප්රදේශයේදී ඊශ්රායල ජාතිකයින්ට ප්රහාරයක් එල්ල කළ හැකි බවට
ඉන්දීය බුද්ධි අංශය විසින් ශ්රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.
බුද්ධි අංශ තොරතුරුවලට අනුව මෙම තර්ජනය විදේශිකයින් ඉලක්ක කර ගෙන ඇති බවට විශ්වාස කෙරේ.
ඊශ්රායල ජාතිකයින් ට ප්රහාර එල්ලකිරීමේ සැලසුම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
මේ අතර මෙරට සිටින ඊශ්රායල ජාතිකයින්ට ප්රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ බවට සැක පිට පුද්ගලයින් දෙදෙනෙකු ත්රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙහිදී සිදුවිය හැකි තර්ජන පිළිබඳ බුද්ධි තොරතුරු ප්රථම වරට ලැබුණේ ඔක්තෝබර් 7 වැනිදා බවත් වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය ප්රකාශ කළේය.
“විදේශිකයන් ඉලක්ක කර එල්ල කළ හැකි ප්රහාරයක් පිළිබඳව අපට වාර්තා වී තිබුණා,”
ඔහු කියා සිටියේ ආරක්ෂක කවුන්සිලයේ මෙහෙයුම් උපදෙස් සහිත රැස්වීමකදී මෙම ගැටළුව පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි.
ප්රහාරය ක්රියාත්මක කිරීමට ශ්රී ලාංකිකයන් දෙදෙනකු සූදානමින් සිටි බවත් ඉන් එක් අයෙක් ඉරාකයේ සිටින බවත් වාර්තා විය. ඔවුන්ට ආසන්න වශයෙන් රු. මිලියන 5 ක් ඔවුන්ගේ මැදිහත්වීම සඳහා ලබා දී ඇතැයි පැවසෙන අතර ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ඇතුළු අදාළ සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ ශ්රී ලංකා බලධාරීන්ට සපයා ඇතැයි වාර්තා වේ.
පසුගිය දිනවල ඊශ්රායලය විසින් හිස්බුල්ලා සංවිධානයේ ප්රධානීන් ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස ආරුගම්බොක්ක ප්රදේශයේදී මෙම ප්රහාරය සැලසුම් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ලෙබනනයේ ඊශ්රායල ගුවන් ප්රහාර මගින් මෑත සතිවල දී අවම වශයෙන් ඉහළ පෙළේ හිස්බුල්ලා අණ දෙන නිලධාරීයා සහ නිලධාරීන් හත් දෙනෙකු ඝාතනය කර ඇති අතර, සැප්තැම්බර් අගදී බේරූට් හි පිහිටි ඔහුගේ භූගත මූලස්ථානයට එල්ල වූ ප්රහාරයකින් ඝාතනය වූවන් අතර එහි කණ්ඩායමේ ප්රධානී හසන් නස්රාල්ලා ද සිට ඇත.
@dailymirror මූලාශ්ර