ඔන්න හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ උන්නැහේ නෙට්ෆ්ලික්ස් බැලිල්ල
නවත්වලා මියුසික් වීඩියෝවක රඟපාලලු.
දේශපාලනය කරද්දි, පක්ෂෙ හැමෝම කාර්යබහුල වෙලා සීරියස් ව ඉඳිද්දිත් නෙට්ෆ්ලික්ස් බලලා ආතල් එකේ හිටපු ජනාධිපති තමයි රනිල්.
රටේ මොන ආතතියක් තිබුණත් ලොක්ක කලේ චිත්රපටියක් බලලා, පොතක් කියවලා කූල් එකේ රැස්වීමට ඇවිත් වාඩිවෙලා කට්ටියට නක්කලේකුත් දාගෙන, උපදෙස් දිපු එකය කියලයි එයාගෙ සමීපතමයො නම් කිව්වෙ..
මොක උනත් මංගල සමරවීර මිතුරා වස්තිල එක්ක වීඩියෝවක රඟපෑවේ පක්ෂ දේශපාලනයෙන් සමුගත්තට පස්සෙ.
ඒත් රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් සමුනොගෙනම, ජනාධිපතිවරණය පැරදුනත් කූල් එකේ බලාගෙන ඉන්න ගමන් ඔන්න මියුසික් වීඩියෝවකටත් පෙනී ඉඳලය කියල අපේ ගොසිප් තීරයට වාර්තා උනා.
නෙට්ෆිලික්ස් බලමින් විවේකී සුවයෙන් ඉන්න ලොක්කව මේ වීඩියෝවට සම්බන්ධ කරගෙන තියෙන්නෙ සාගල කියලත් ආරංචියි.
සාගල කියන්නෙ අනේ, සාගල රත්නායකට.
ඔන්න ආරංචියෙ හැටියට අද හැන්දෑව වෙද්දි වීඩියෝව රිලීස් වෙනවලු.
“පීලි පීලි පීලි පැනලා
මාර දේවල් රටට උනේ..
පීලි පීලි පීලි පැනලා
ආයෙ කොළඹට එන්න අනේ..”
මේ තමයි ඒ සිංදුවෙ මුල් පද පේලි ටික..
“පීලි පීලි පීලි පැනලා
තාම නෑනේ මට්ටු උනේ..
පීලි පීලි පීලි පැනලා
එන්නං කොළඹත් එපැයි අනේ..
රට දුවන්නේ කොළඹ දුවන නිසා..
රට තියෙන්නේ කොළඹ තියෙන නිසා..
ඇස් ඇරගෙන හීන දකින නොනිදන නගරේ..
බස් උතුරන සෙනග
නෙවෙයි සහෝ..
හීන නම්..
රට හිතන්නේ කොළඹ නුවණ නිසා..
රට නිදන්නේ කොළඹ අවදි නිසා ..”
“රට හිතන්නෙ කොළඹ නුවණ නිසා..” කියල මේ කියන්නෙ මොකක් කියලද හිතන්නෙ..?
තවමත් මේ රට දුවන්නෙ රනිල් වික්රමසිංහ හදපු පිලිවෙලට කියල නෙවෙයිද?
නෙට්ෆ්ලික්ස් බලලා ඇතිවෙලා මියුසික් වීඩියෝවක ඉන්න හිටපු ජනාධිපති රනිල්ගෙ ඇක්ටින් හොඳද කියලා බලන්න නම් ඉතිං අද හවස් වෙනකල් ඉන්න වෙයි හොඳේ..