උග්ර වෙමින් පවතින මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්රී ලංකාවේ විදේශ ප්රතිපත්තිය
නිවැරදි විය යුතු බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් අද(24) පැවසීය.
ඇමරිකාව වැනි රටවල් ඊශ්රායලයට සහාය දෙන අතරේ ඉරානය, රුසියාව වැනි රටවල් පලස්තීනයට සහය පළ කිරීමත් සමඟ මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් ලෝකය දැඩි ලෙස බෙදී ඇතැයි පවසන හිටපු මන්ත්රීවරයා ශ්රී ලංකාව පලස්තීනයේ නිදහස වෙනුවෙන් පෙනී සිට ඇතැයි ද පැවසීය.
ඒ අනුව නව රජය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයැයි ඔහු පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වන මුජිබර් රහුමාන් කොළඹ සහ වෙනත් ප්රදේශවල තිබෙන ඊශ්රායල ආයතනවලට ශ්රී ලංකා හමුදා ආරක්ෂාව සපයන්නේ මන්දැයි මන්ත්රීවරයා ප්රශ්න කළේය.