ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්,
ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා ඇති අතර 2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කරන්නේ හෙට (26) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම සිදුවන අතර ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බවය.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හේට්ටිආරච්චි පවසන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය භාවිත කරනු ලබන ස්ථාන සියල්ලෙහිම නිරීක්ෂණ කටයුතු සඳහා තම නිලධාරින් යෙදවීමට කටයුතු කරන බවය.
මෙය අතුරු ඡන්දයක් වුවද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පවතින අවස්‌ථාවේ පැවැත්වෙන පළමු ඡන්දය වන බැවින් රජයේ ජනප්‍රියතාව මැන බැලීමට එළැඹෙන මහා මැතිවරණයට පෙර මෙය හොඳ අවස්ථාවක් බව සමාජ ක්‍රියාකාරීකයන්ගේ මතය වී ඇත.