නව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර තීරණයේ පැහැදිලි වෙනසක් වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක තේරී පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග එම ධූරයේ තබා ගැනීමට තීරණය කර තිබූ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ තොරතුරු වාර්තා වේ.
හිටපු UGC සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමට පෙර නිල සංචාරයක් සඳහා දින දෙකක් දකුණු කොරියාවේ සිටි අතර එහිදී ඔහු ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට සහාය වීම සඳහා කොරියානු රජයෙන් ප්‍රදානයක් ලබා ගෙන ඇත.
ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු අග්‍රාමාත්‍යවරිය හමුවී රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් තම ඉදිරි දැක්ම විස්තර කර තිබිණි.
කෙසේ වෙතත්, ඩේලි මිරර් වෙත වාර්තාවකින් දැක්වෙන්නේ, හිටපු සභාපතිවරයා විසින් හඳුන්වා දෙන ලද වෙනස්කම් සහ වර්ධනයන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව තුළ ඇති සමහර පහළ මට්ටමේ වෘත්තීය සමිති විරුද්ධ වූ බවයි. පවතින ක්‍රමයෙන් මීට පෙර ප්රතිලාභ ලැබූ මෙම වෘත්තීය සමිති තම ප්‍රතිලාභවලට බලපෑම් එල්ල වීම හේතුවෙන් නොසතුට පළ කර තිබුණි.
ඉන් අනතුරුව හදිසියේ සිදු වූ සිදුවීමක් ලෙස හිටපු සභාපතිවරයා වහාම ඉල්ලා අස්වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළ නමුත් ඔහු ඉවත් කිරීමට හේතු තවමත් අපැහැදිලි ය.
මහාචාර්ය සම්පත්ට තවදුරටත් සිය ධුරයේ කටයුතු කළ හැකි බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු ජනාධිපති කාර්යාලය හිටපු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස ඉල්ලා ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් සම්බන්ධ කර ගැනීමට කිහිප වතාවක්ම උත්සාහ කළද එය අසාර්ථක වී ඇති බවත් එකී මාධ්‍ය වාර්තාවේ සඳහන්ය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඔක්තෝම්බර් 18 වැනිදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න පත් කරන ලදී.