මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ
වියදම් වාර්තා මේ වන විට ප්‍රසිද්ධ කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ, සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වන අතර එම මුදල රුපියල් කෝටි 112 ක් බව වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් කෝටි 99 ක් වියදම් කර ඇති අතර, වත්මන් ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 52 ක් වියදම් කර තිබේ.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 38 ක් වියදම් කර ඇති බවද සඳහන් වේ.