SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තම රජයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහා මුදල්

වෙන් කරන ලද බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ප්‍රකාශය ජනාධිපති අනුර දිසානායක ප්‍රතික්ෂේප කරයි.

 

 

ඔහු පෙන්වා දෙන්නේ එවන් වැටුප් වැඩි කිරීමක් සඳහා මුදල් වෙන් කළේ නම් එය කළ යුතුව ඇත්තේ අයවැය ලේඛනයකින් හෝ අතුරු සම්මත ගිණුමකින් බවයි.

 

 

නමුත් මෙම වසරේ එවන් මුදල් වෙන් කිරීමක් සිදුකර නැති බවද ඔහු පැවසීය.

 

 

පසුගිය ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වීමට දින තුනකට පමණ පෙර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලද බව එකල පැවසුවත් කිසිදු මුදලක් ඒ සඳහා වෙන්කර නැති බවත් ජනාධිපතිවරයා පවසයි.

 

 

කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ඊළඟ අයවැයේදී අවධානය යොමු කරන බව ඔහු කියා සිටියේය.

 

 

ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මෙම අදහස්  පළ  කරන  ලදී.

 

 

 

නවතම ලිපි