SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17 න් 15 ක් ම ජයග්‍රහණය කළ ද,

තම පක්ෂය වන ජාතික ජන බලවේගයට හිමි වූයේ ආසන 15 ක් බවත්, ආසන 02 ක් පමණක් දිනූ සමගි ජන බලවේගයට හිමි වූ ආසන සංඛ්‍යාව 6 ක් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කරයි.

 

 

ඒ අනුව, පළාත් පාලන ඡන්ද ක්‍රමයේ අවුලක් පවතින බව ද ලාල් කාන්ත පෙන්වා දෙයි.

 

කෙසේවෙතත්, පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එකදු කොට්ඨාසයක්වත් නොදිනූ ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගයට ඇතැම් පළාත් පාලන ආයතන සඳහා සභිකයන් කිහිප දෙනෙකුම හිමි ව තිබූ බව ය.

 

උදාහරණ ලෙස කඩුවෙල මහා නගර සභාවට තරග වැදුණු ජාතික ජන බලවේගයට/ජනතා විමුක්ති පෙරමුණට පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එකදු කොට්ඨාසයක්වත් දිනා ගත නොහැකි වුවද, ඔවුන්ගේ සභිකයින් 05 දෙනෙකු කඩුවෙල මහා නගර සභාවට පත් විය.

 

 

ඒ අවස්ථාවේ ජවිපෙ හෝ ජාතික ජන බලවේගය මෙම ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් පල නොකිරීම විශේෂත්වයකි.

 

@Newspedia

නවතම ලිපි