SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැනට ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල

නියාමනය සහ අධීක්ෂණය සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් (SOP) ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචිමාර්ග  පවසයි.

 

 

  • පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණය, නියාමනය සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීමට NPP රජය තීරණය කරයි
  • එය දැනට පවතින පෞද්ගලික විශ්වවිද්‍යාල සහ අනාගතයේදී පිහිටුවීමට නියමිත විශ්වවිද්‍යාල සඳහා අදාළ වේ

 

ලංකාවේ මේ වන විට උපාධි පිරිනමන පෞද්ගලික ආයතන 20 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ.

 

ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කරන අතරම, එවැනි පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට පසුගිය කාලයේ බලයට පත් වූ රජයන් උත්සාහ ගෙන තිබුණි.

 

එහෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය දිරිගැන්වීමට එරෙහිව විවිධ ශිෂ්‍ය ව්‍යාපාරවල විරෝධය නිසා එම උත්සාහයන් ව්‍යර්ථ විය.

 

වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල නියාමනය කරනු ලබන්නේ විශ්ව විද්‍යාල කොමිෂන් සභාව  (UGC) මගිනි. එසේ වුවත්, රාජ්‍ය නොවන හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන උපාධිවල ගුණාත්මක බව සහතික කිරීමට එයට කිසිදු අධිකාරි බලයක් නැත.

 

“SOP යනු පුද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීම, උපදේශකත්වය සහ ප්‍රතීතනය කිරීම සහ පිරිනමනු ලබන අධ්‍යයන වැඩසටහන් වල ගුණාත්මක බව සහතික කිරීමය. එය දැනට ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී පිහිටුවීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අදාළ වනු ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

 

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

නවතම ලිපි