SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පළපුරුදු කණ්ඩායමකට මිස ව්‍යවස්ථාව ගැනවත් නොදන්නා “බබ්බු” සමග

රටක් කරන්නට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (29) පන්නල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් කියා ඇත.

 

 

ඔහු එසේ කියන්නේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාරයක් වශයෙනි.

 

 

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අගමැති හරිනි අමරසූරිය විසින් කළ  ප්‍රකාශයට හිටපු ජනාධිපතිවරයා  එහිදී  සිය මතය දක්වා තිබුණි.

 

 

"අගමැතිනී හරිනි අමරසූරිය මැතිනිය කළ ප්‍රකාශයක් මා දුටුවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අමාත්‍යංශය නිලධාරීන්ගේ අනුමැතිය ගෙන නැතැයි ඇය පැවැසුවා. ජනතාව නොමඟ යැවීමට මැතිවරණ කාලයේ දුන් බොරු පොරොන්දුවක් බවත් ඇය පවසා තිබුණා. කැබිනට් මණ්ඩලයට ක්‍රියා කරන්න නිලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බව මෙතුමිය කියනවා. මෙතුමිය ව්‍යවස්ථාව ඉගෙන ගත්තේ කොහෙන්ද? ව්‍යවස්ථාවේ 43 වගන්තිය බලන්න. රට පාලනය කරන්නේ ඇමති මණ්ඩලයයි. අගමැතිතුමියට ව්‍යවස්ථාව ගැන දැනගන්න අවශ්‍ය නම් කියන්න, මම එන්නම්. නැතිනම් හිටපු අගමැතිතුමා ඒවි. රට පාලනය කරන්නේ මෙහෙමද? හිටපු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඇමති කරන්න හදනවා.ඇමතිගේ වැඩ කටයුතු නිලධාරීන්ට දෙන්න හදනවා. මෙවැනි කණ්ඩායමකට රට කරන්න පුලුවන්ද? පලපුරුදු අය සිටිය යුතුයි. බබ්බු එක්ක මේක කරන්න බෑ”.

 

 

 

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

නවතම ලිපි