පසුගිය දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ විසින්
E-8 වීසා ක්‍රමවේදය ගැන අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයෙකුට ඒ සම්බන්ධව චෝදනා එල්ල කර තිබිණි.
මේ පිළිබඳව පසුගිය රජයේ සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පිළිතුරක් ලබා දී තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශයක් කරලා තියනවා කොරියානු රැකියා ගැන..
“කොරියාවත් ශ්‍රී ලංකාවත් අතර ක්‍රියාත්මාක වුන ඊ 9 වීසා කාණ්ඩය සංකීර්ණ එකක්. ඒකට විභාග ලියලා එහෙම තමයි යන්න ඕන. මේ අතර කොරියව තවත් වීසා කාණ්ඩයක් හඳුන්ව දුන්නා ඊ 8 කියලා. ඒ සෘතුමය රැකියා සඳහා මාස 3,8, 8 වගේ කාල සඳහා. ඒ අවස්ථාව අපේ රටට හිමි වුනේ නෑ.
මම ඇමතිවරයා හැටියට කොරියාවෙන් ඉල්ලීමක් කළා ඒ අවස්ථාව ලංකාවේ අපටත් දෙන්න කියලා. මොකද අපි නීත්‍යානුකූලව ඊ 8 වීස ක්‍රමය ක්‍රියාත්මක නොකළාට ඒක හොරෙන් ක්‍රියාත්මක උනා. අන්තිමට මම ඇමතිවරයා හැටියට කොරියාවේ ප්‍රාන්ත ගණනාවකට ගිහිල්ලා ඒ ප්‍රාන්තර රාජ්‍යයන් එක්ක් කතා කරල, ආණ්ඩුකාරවරු, ඇමතිවරු මුනගැහිලා ඒ අවස්ථාව අපේ රටට්ත් ලබාගත්තා .
නමුත් ඒ ක්‍රමය ක්‍රියාත්මක විය යුත්තේ කොරියාවේ ප්‍රාන්ත ආණ්ඩු ලංකාවේ පළාත් සභා නැතිනම් නගර සභා අතර. ඒත් අපේ 13 වෙනි සංශෝධනය අනුව පළාත් සභාවකට, නගර සභාවාවකට බෑ පිටරටක් එක්ක ගිවිසුමකට එන්න. ඒ නිසා නැවත සාකච්චා කරලා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න එකගතාවයකට ආවා. ඒ සඳහා විෂය බාර අමාත්‍යවරයා වශයෙන් මම කොරියාවේ පළාත් පාලන ආයතන එක්ක අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළා. ඒ අමාත්‍යවරයාට පනතෙන් හිමි බලතල අනුව.
ඒ අනුව ඒ වැඩ පිළිවෙල ඉදිරියට ගියා . කොරියාවේ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් සමඟ කතා කරලා වැඩ කටයුතු කරන්න පුලුවන් උනා. ඒ රටවල් නියෝජිතයෙන් ලංකාවට ආවා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් මීට අදාලව චක්‍රලේඛන නිකුත් කරා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේක කොයි විදියටද කරන්නේ කියලා සැලසුම් සකස් කරා . ඒ සියල්ල සකස් කරල මේ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනකද කොරියානු ආණ්ඩුකාරවරයිනේ නියෝජිතයන් සමග සාකච්ඡා කළා. ඊට අදාල වීඩියෝ පවා තියෙනවා.
දැන් එකපාරටම කියනවා එහෙම දෙයක් සිද්ධවෙලා නැහැ . එහෙම එකක් නෑ . මේක නීති විරෝධී කියලා. මෙතන නීති විරෝධී බවක් නැහැ . සෘතුමය රැකියා සඳහා ලංකාවේ තරුණ තරුණියන්ට හම්බවුන වටිනා අවස්ථාවල් මග අරින්න එපා කියලා මම අගමැතිනියට මතක් කරනවා”.