ඊයෙ රාත්‍රිය තමයි ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තු
සුන් වෙච්ච රාත්‍රිය.
ශ්‍රී ලාංකික ජනතාව හැම මාසෙම අන්තිම දවසෙ තෙල් මිල සංශෝධනය වීම ගැන බලාගෙන ඉන්නවා.
එතකොට මැතිවරණ කාලෙදි අපේ ජනාධිපතිතුමා කිව්ව රුපියල් 50 අඩුකරන්න පුළුවන් කියල. දැන් ඒ ජනාධිපතිතුමා පත්උනාට පස්සෙ වතාවන් දෙකකදි තෙල් මිල සංශෝධනය වෙලා තියෙනව.
එතකොට ඊයෙ රාත්‍රියෙ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන පෙට්‍රල් 92 හෝ ඔටෝ ඩීසල් අඩුකරල නෑ. හැබැයි මැතිවරණ වේදිකාවෙ කිව්වෙ අඩුකරනව කියල.
තව කට්ටියක් කිව්ව වරායෙන් බාන ගානට රුපියල් දහයක් එකතු කරල දෙනව කියල.
එහෙම කිව්වනම් මීටත් වඩා අඩුවෙන්න ඔින.
අද මේකෙන් පෙන්වන්නේ ආණ්ඩුවට මූල්‍ය කළමණාකරනය පිළිබඳව, ආදායම් උත්පාදනය පිළිබඳව කිරීම පිළිබඳව, එක්කෝ උවමනාවක් නෑ, නැත්නම් දන්නේ නෑ..
මේ කියන විදිහට රනිල් මහත්මයගෙ අධික බදු ප්‍රතිපත්තියම නේද වර්තමාන ආණ්ඩුව ගෙනියන්නෙ?
ගිය ආණ්ඩුව කාලෙ දැඩි බදු ප්‍රතිපත්තිය මත බදු ආදායම විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනව. එතකොට එක්කෝ ආණ්ඩුවට උවමනාවක් නෑ, ආණ්ඩුව දන්නෙ නෑ ඒ වැඩි වෙච්ච බදු ආදායමෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තෙල්වලට සහනය ලබා දෙනවා, ආහාරපාන වලට ලබාදෙනවා, එහෙම උවමනාවක් තිබ්බනම් මැතිවරණ වේදිකාවෙ කියපු විදිහට කරන්න පුළුවන් වෙන්න ඔින.
සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්....