ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකවරයා ලෙස
ආචාර්ය හාන්ස් විජයසූරිය පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි.
හාන්ස් විජේසූරිය ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කලේය.
විදුලි සංදේශ සහ ඩිජිටල් විසඳුම් පිළිබඳ ප්‍රවීණයෙකු වන ඔහු, විවිධ අංශ හරහා ඩිජිටල් රාමු ශක්තිමත් කිරීම, සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සහ ආර්ථික නවීකරණයට සහාය වන මුලපිරීම් මෙහෙයවීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.