SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • මාළිමාවේ මල් අතරේ ගඳපාන මල් නියඟලා මල් තමයි වැඩිය තියෙන්නේ.
  • තුන්දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයකට රට කරන්න පුළුවන්නම් චන්දයෙන් පස්සේත් ඇමතිවරු පත්කරන්න එපා.

 

  • අපි ගෙනාපු පාස්පෝට් ටික මේ අයට බෙදාගන්නවත් බෑ.

 

 

මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් රට පාලනය කළ හැකි බව මාළිමාවේ අය පවසන බවත්, එසේ කළ හැකිනම් මැතිවරණයෙන් පසුවද අමතර ඇමතිවරුන් පත්කිරීමෙන් වලකින ලෙස තමා ඉල්ලා සිටිනා බව හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර පැවසීය. ඉකුත් ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව එම පක්ෂය සමග තව දුරටත් රැඳීමෙන් අනාගතයක් නැති බව වටහාගෙන ඇති බවත්, ඔවුන් සියළු දෙනා දැන් නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණ සමග එක්වී අවසන් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

 

හිටපු අමාත්‍යවාඅරයා මේ බව පැවසූවේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් නැගී ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

 

පවතින දේශපාලන ප්‍රවනතා පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

 

 

''මාළිමාවේ දෙබිඩි පිළිවෙත දැන් සෑම අතින්ම පැහැදිලි වෙනවා. ඒ අය ජාතික මාධ්‍යයට ඇවිල්ල කියනවා ප්‍රේක්ෂකයන්ගේ අංකගැන හිතන්න එපා, මලිමාවට ඡන්දය දෙන්න කියලා. හැබැයි වේදිකාවේ අපේක්ෂකයෝ තම තමන්ගේ වැඩේ බොහොම ලස්සනට කරනවා. මනාප එකතු කිරීමේ වැඩපිළිවෙල් බොහොම හොඳට ක්‍රියාත්මක කරගෙන යනවා . ඒ කියන්නේ ඒ මේ එළියෙන් පෙන්නන දේ නෙවෙයි ඇතුලෙන් තියෙන්නේ.  මනාප තරගයක් නෑ කියනවා. හැබැයි ඉතින් මනාප තරගයේ ඇතුළින් යනවා.

 

 

පාර්ලිමේන්තුව මල් වලින් පුරවනවා කියලා කියනවා. ඒත් පාර්ලිමේන්තුවට මල් පිරුණා කියලා මේ සමාජය නියෝජනය කිරීම හරියට වෙන්නේ නෑ . සමාජය නියෝජනය වෙන්න නම් සමාජයෙන් හැම මිනිස්සුම නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනේ. ඒ නියෝජිතත්වය නැති කරන්න හදනවනම් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න හදනවා කියලයි. හැබැයි ඉතින් ඔය වගේ මල් අතර මොනවගේ මල් තියේද දන්නේ නෑ.

 

 

ගඳපාන මල් එහෙම නැත්තං නියඟලා මල් ඔය අතර තියෙන්නත් පුළුවන්.  ඒක නිසා ඡන්ද දායකයන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද පාර්ලිමේන්තුව තියෙන රටේ නීති හදන්න. එතනට හරිම මිනිස්සු එන්න ඕන.

 

 

පාස්පෝට් පෝලිම, එතකොට බිත්තරවලට, පොල් වලට හැම එකකටම චෝදනා කරනවා පහුගිය ආන්ඩුවට. හැබැයි වැඩේ තියෙන්නේ අපි අච්චු ගහපු පාස්පෝට් එක දැන් ඇවිල්ල තියෙන්නේ. ඒ ටික බෙදා ගන්න බැරිනම් ඒක ඒගොල්ලන්ගේ වැරැද්ද. මේවගේ දේවල් සාමාන්‍යයෙන් පරිපාලනයේ ඇතිවන අපහසුතා දේවල්. ඒවා දේශපාලන වාසි ගන්න යොදාගත්ත හැටි අපිට මතකයි. දැන් ඒවා  බූමරාංගයක් වෙලා මේ අයට ආපසු එනවා.

 

 

ජාතික ජන බලවේගය ඡන්දය කලින් තියන්නේ ජනාධිපතිවරණයේදී දුන්න පොරොන්දු   ඉෂ්ට කරන්න බෑ කියල දන්න නිසා. පඩි වැඩි කරන්න බෑ කියලා දන්නවා. මේ කියපු බදු සහන ලබාදෙන්න බැහැ කියලා දන්නවා. ඒක හින්දා මිනිස්සුන්ට එපා වෙන්න ඉස්සර චන්දේ තියනවා.

 

 

ඒ නිසා තමයි එක පැත්තකින් වෘත්තීය සමිතියයි දැන් අහෝසි කරනවා කියන්නේ. දැන් මාළිමාවේ අපේක්ෂක ලක්ෂ්මන් නිපුනආරච්චි කියනවා වෘත්තිය සමිතිය අහෝසි කරනවා කියලා . මොකටද වෘත්තීය සමිතිය අහෝසි කරන්නේ? මොකද මේ අය විසින් ලබාදීපූ පොරොන්දු සියල්ල දැන් වෘත්තීය සමිති මගින් ප්‍රශ්ණ කරනවා. ඒ අය ඉල්ලීම් කරන්න පටන් ගන්නවා එනිසා වෘත්තීය සමිති තහනම් කරන මට්ටමට මේ අය යන්න හදන්නේ .

 

 

මේ අය කියනවා අනාගතයේදී පොත්පත්වල ලියල තියන්න වෙයි ලංකාවේ වෘත්තීය සමිති කියලා ජාතියක් තිබුණා ' වැඩ වර්ජන කියලා දෙයක් තිබුනා කියලා වගේ කතා, බලන්න ඒගොල්ලම දන්නවා මේ රට කරන්න දුන්නේ නැත්තෙ මේ ඒගොල්ලන්ගෙම වෘත්තිය සමිති කියලා . මේ රටේ ඉස්සරහට යන්න නොදුන්නු ප්‍රධාන හේතුව ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය කියන එක මේ අය දැන් පිළිගන්නවා.  ඒ සාපයට පව් ගෙවන්න මේ අයට දැන් සිද්ධ වෙලා තියෙනවා.

 

 

ජනතාව මේක තේරුම් අරගෙන තියෙනවා දැන් මේ අය කරන්න බැරි දේවල් කිව්වා කියලා . මේ අය බොරු කිව්වෙ කියලා . ඒ ගැන ප්‍රශ්න කරන්න කලින් මේ අය වෘත්තිය සමිති හකුලන්න හදන්නේ ඒ නිසා. ඒක නිසා ජනතාව දැන් එකට උත්තර දෙන්න සූදානමින් ඉන්නවා.

 

 

තුන් දෙනෙක්ගෙන් රට කරගෙන යන්න පුළුවන්නම් ඒ විදිහටම කරගෙන යන්න. අපි කියන්නේ ඡන්දයෙන් පස්සෙත් තව ඇමතිවරු පත් කරන්න එපා. තුන්දෙනාගෙන්ම කරගෙන යන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද දැන් කැබ් එකෙන් යනවා කියලා, එයා මේ ආරක්ෂකයෝ පාවිච්චි කරන්නේ නෑ කියලා එස් ස්ලාස් එකෙයි, බී.එම්.ඩබ්ලිව් එකෙයි ගිහිල්ලා බැහලා එතන ඉඳන් කැබ් එකේ රැස්වීමට යන කථාත් අපිට ආරංචියි.

 

 

ඒ වගේම ආරක්ෂකයෝ පාවිච්චි කරන්නේ නෑ කිව්වට පිට ආරක්ෂකයෝ හාරසියයක් පන්සියක් කලින් ගිහිල්ල  ආරක්‍ෂක විධිවිධාන සකස් කරනවා. ඒක වැරදියි කියලා අපි කියන්නේ නෑ. ජනතාවට එකක් කියන්නයි වෙනත් එකක් ක්‍රියාත්මක කරන්නයි එපා කියලයි අපි කියන්නේ.

 

 

සමගි ජන බලවේගය තමයි මේ රටේ ජනාධිපතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙවෙනි වරට පත් කරන්න තිබ්බ අවස්ථාව නැතිකරේ. රට වැටිච්ච වෙලාවේ ගොඩගත් උනායකයා සහ වැරෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න පුළුවන්න් නායකයා එක්ක තවත් අවුරුදු කිහිපයක් ඉස්සරහට ගෙනිහිල්ල ඕන සජිත් ප්‍රේමදාසට ඊළඟට එන්න තිබුනා. ඒ අවස්ථාව පැහැර හැරීයේ සජිත්ව මැතිතුමාගේ තියෙන අපරනිත භාවය නිසා.

 

 

ඔහු විපක්ෂයේ නායකත්වය හරියට කරන්නේ නැතිව  විපක්ෂයේ නායකත්වය අනුර කුමාර දිසානායකට දීලා සිල්ලර වැඩ කරපු එකේ ප්‍රතිඵලයි මේ හම්බවෙලා තියෙන්නේ . අද ලක්ෂ විසිතුනක් රනිල් මැතිතුමාට ඡන්දය දීපු ජනතාව සන්තෝසෙන් ඉන්නවා. මොකද ඒ අය රට ගොඩනගපු නායකයා වෙනුවෙන් ඡන්දය දීපු  කළගුණ දන්න ජානතාවක් .

 

 

සමගි ජන බලවේගයට ඡන්දය දීල අනාගතයක් නැතිකම ගැන කලකිරුණු සමගි අද විකල්පය ලෙස අපේ පක්ෂය තෝරා ගෙන තියනවා . සමගි ජන බලවේග පාක්ෂිකයෝ කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ . ඒ සියලු දෙනාම හිටපු ජනාධිපතිවරයා වටා නැවත එක්කහු වෙලා ඉන්නවා ."

 

 

 

 

නවතම ලිපි