SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද(04)  කොලොන්නාව ආසනයේ සම්බන්ධීකරණ කාර්‍යාලයේ පැවති සමගි ජන සන්දානයේ

මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් කියා සිටියේ ජීවන වියදමට සහන දෙන්නට හෝ ණය නොගෙන ඉන්නට මෙන්ම තෙල් මිල අඩු කරන්න හෝ  පෝලිම අඩු කරන්නට වත්මන්  ජනාධිපතිවරයාට නොහැකිව ඇති බවත් ඒවා හෙළිදරව් කෙරෙන නිසා මේ නිසා මාධ්‍ය ආයතන වලට තර්ජනය කරන්නට සිදුව ඇති බවත් ය.

 

"ජනතාව අනුර කුමාර දිසානායක මහතාට මාලිමාවට ඡන්දය දුන්නේ , වෛරය පිට කරමින් මහ විශාල බලාපොරොත්තු තොගයක් ඉක්මනින් අපේක්ෂා කරමින්. දැන් අනුර කුමාර ජනාධිපති වෙලා ඇවිල්ලා මාලිමා ආණ්ඩුව ඇවිල්ලා සති හයකට වැඩියි. හැබැයි තාම අනුර කුමාර ජනාධිපතිතුමාට මේ රටේ පෝලිං යුගය නිමා කරන්න බැරිවෙලා තියෙනවා.පොල් පෝලිම හාල් පෝලිමට අමතරව එක මිටට පාස්පෝට් පෝලිම දවසින් දවස වැඩි වෙනවා විනා අඩු වෙන්නේ නැහැ. ඒකත් මාධ්‍යවලින් වසන් කරන්න විවිධ උත්සාහ දරමින් , මාධ්‍යයට ආණ්ඩුව ඍජු සහ වක්‍ර ආකාරයෙන්, අනියමාර්තයෙන්, ඇඟිල්ල දිගු කරමින් ව්‍යංගාර්ථයෙන් තර්ජනය කරන ආකාරයක් තමයි අපිට පේන්නේ. ඒ වගේම අපිට ආරංචි වෙලා තියෙනවා පාසල් ළමුන්ට ලබා දෙන දිවා ආහාර වේල සඳහා සැපයුම්කරුවන්ට මුදල් ගෙවලා නැහැ කියලා. එහෙම සැපයුම්කරුවන්ට මුදල් නොගෙව්වොත් තව ටික දවසක් යනකොට මේ රටේ ලක්ෂ ගණනක් දුවා දරුවන්ට  දිවා ආහාරවේල ලැබෙන්නේ නැතිවෙයි. විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් අගහිඟකම්වලින් ඉහළම ස්ථානයකට ගිහිල්ලා ඉන්න දිළිඳු ජනතාවගේ දරුවන්ට ලැබෙන මේ දිවා ආහාර වේල නොලැබුණහොත් ඔවුන්ට පාසල් යන්න අධ්‍යාපනය ලබන්න බැරි තත්ත්වයට පත් වේවි. මේකද සිස්ටම් චේන්ජ් එක?

 

 ජන මරී 2

 

ඒ වගේම ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, බදු අඩු කරලා බඩු මිල අඩු කරලා සහන සලසන්න බැරිවෙලා තියෙනවා. හේතුව ආහාරපාන සෞඛ්‍ය අධ්‍යාපනය ඒවායේ බදු අයින් කරනවා කියලා තමයි ජනාධිපතිවරණයට කලින් කිව්වේ. තාම සති හයක් ගිහිල්ලත් ඒක වෙලා නැහැ. ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති මහත්මයා කිව්වා ඒ ගොල්ලොන්ගේ ආණ්ඩුවක් ආවහම ඩොලර් මිලියන ගණන් එවනවා කියලා කිව්වා. ඩොලර් දහය පහළොව පනහ ගානේ එවනවා කිව්ව කට්ටිය, ඒ කවුරුවත් පේන්නත් නැහැ ආපු ඩොලරයකුත් නැහැ. ඒ නිසා ඩොලර් ගෙන්න ගන්නත් මේ ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා.

 

ඒ වගේම විදුලිබල මණ්ඩලය අධික ලාභයක් ලබනවා. විදුලි බල මණ්ඩලයේ පනත අනුව, විදුලි බල මණ්ඩලයේ නිෂ්පාදන පිරිවැය  කළමනාකරණය කළ යුතු ආයතනයක් විනා ලාභ ලැබිය යුතු ආයතනයක් නොවෙයි. ඒ නිසා මේ ලැබෙන අධික ලාභය ඒකක බිංදුවේ සිට ඒකක හැට දක්වා භාවිතා කරන දරිද්‍රතා රේඛාවේ පහළම ඉන්න ඒ ජනතාවට මේ මිල අඩු කරලා දීමටත් ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා.

 

ජන මරී 3

 

මේ ආණ්ඩුව ගන්න අනුර කුමාර දිසානායක මහත්තයාට ගොඩක් උදව් කරපු කට්ටියක් තමයි ත්‍රීවීල් රථ මහත්වරු. ඒත් මේ ත්‍රීවීල් රථ මහත්වරුන්ගේ ත්‍රිවිල් රථවලට ගහන සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල අඩු කරලා දෙන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. සාමාන්‍ය මගී ජනතාව යන බස් රථයට ගහන ඩීසල් ලීටරයක මිල අඩු කරලා දෙන්න බැරිවෙලා තියෙනවා. ඩිමෝ බට්ටා ට,  ඉස්කෝල් වෑන් රථයට ගහන ඩීසල් වල මිල අඩු කරලා දෙන්න බැරිවෙලා තියෙනවා. ඒ තෙල් වල ගාන අඩු කරන්න බැරි උනාට ආණ්ඩුවට පුළුවන්කම ලැබිලා තියෙනවා ධනවතුන් පාවිච්චි කරන සුපර් ඩීසල් ඔක්ටේන් 95 පෙට්‍රල් ගාන අඩු කරන්න.

 

 

ඒක දැක්කහම අපිට හිතෙන්නේ නිර්ධන පන්තිය නියෝජනය කරන අනුර කුමාර ද ජනාධිපති එහෙම නැත්නම්, ධනපති පන්තිය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ ද තාම ජනාධිපති කියලා.

 

 

දැන් ජීවන වියදමට සහන දෙන්න ජනාධිපතිතුමාට බැහැ. ණය නොගෙන ඉන්න ජනාධිපතිතුමාට බැහැ. තෙල් මිල අඩු කරන්න ජනාධිපතිතුමාට බැහැ. පෝලිම අඩු කරන්න ජනාධිපතිතුමාට බැහැ. මාධ්‍ය ආයතන වලට තර්ජනය නොකර ඉන්න ජනාධිපතිතුමාට බැහැ. ඩොලර් ගෙන්නන්න ජනාධිපතිතුමාට බැහැ. මේ ටික බලපුවහම සති හයේ ප්‍රතිඵලය තමයි කියපු එක දෙයක්වත් ජනාධිපතිතුමාට කරගන්න බැහැ.

 

ජන මරී 4

 

 

දැන් කාටහරි කියන්න පුළුවන් මෙච්චර ඉක්මනට කොහොමද මේවා කරන්නේ කියලා. මේවා දන්නවා නම් කරන්න පුළුවන්. දන්නැති නිසා තමයි කරගන්න බැරි. උදාහරණ විදිහට, 2015 අපේ ආණ්ඩුව ආවහම පළවෙනි සුමාන දෙක ඇතුළත තෙල් ලීටරේ එකසිය දාහතට අඩු කෙරුවා, ගෑස්ටැංකිය 1800 ට අඩු කෙරුවා. පැනඩොල් පෙත්ත රුපියල් දෙකට අඩු කරලා බඩු මිල අඩු කෙරුවා. පළවෙනි මාසෙම රාජ්‍ය සේවකයන්ගේ පඩිපතට රුපියල් දහදාහක් එකතු කෙරුවා. ගර්භනී මාතාවන්ට රුපියල් 20000ක දීමනාවක් ලබා දුන්නා. සැලැස්මක් තියෙනවා නම් මේක දන්නවනම් කරන්න පුළුවන්. බැරිනම් බැහැ.

 

ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුවට බැහැ කියන එක තමයි.

 

 

නවතම ලිපි