SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද(04) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සතු Whatsapp ගිණුම

යම් පාර්ශවයක් මගින් හැක් Hack කර ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකය පණිවුඩයක් නිකුත් කරමින් දන්වයි.

 

 

ලංකා බැංකුවේ  කොල්ලුපිටියෙ ශාඛාවට අයත් 89928403 ගිණුම් අංකය  සහිත  S.K.Saman Kumara

යන අයගේ ගිණුමට සහ මහජන බැංකුවේ ඉංගිරිය ශාඛාවට අයත් ගිණුම් අංක  266200330038762 සහිත Uresh Kumara යන අයගේ ගිණුම් අංක වලට මුදල් බැර කරන ලෙස දන්වා අදාළ වට්ස්ඇප් ගිණුම වෙතින් පණිවුඩ යවා ඇත.

 

dayi

 

මේ පිළිබඳව මේ වනවිට පොලිස් පැමිණිලි සිදුකර ඇති අතර පරීක්ෂන කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

 

අදාළ පරීක්ෂන කටයුතු ඉටුවනතුරු දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ඒකකය දැනුම් දී සිටින්නේ ඔහුගේ Whatsapp අංකය වෙතින් අරමුදල් හෝ පරිත්‍යාග ඉල්ලා කිසියම් පණිවිඩයක් ලැබෙන්නේ නම්, එම පණිවිඩ ඔහු විසින් යොමු නොකළ බව කරුණාවෙන් සලකන ලෙසයි.

 

WhatsApp Image 2024 11 04 at 16.04.26

නවතම ලිපි