ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක්
වත්මන් ජනාධිපති අනුර දිසානායක ට ලබා දුන් බව ජන අරගල සන්ධානය පවසයි.
එම පක්‍ෂයේ මහ මැතිවරණ අපේක්‍ෂක ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසන්නේ ඊට අදාල දුරකතන චැට් තමා සතු බවය.
තමන් පවසන්නේ අසත්‍ය නම් නම් නඩු දමන ලෙස ඔහු අභියෝග කරයි.
ඩඩ්ලි සිරිසේනලා විසින් ජනාධිපතිවරුන් පත් කිරීමට ධනය විසි කරන බවත් පැවසූ ඔහු රත්න සහල් අධිපති විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මට කෝටි 50ක් ලබා දුන් බවත් පැවසුවේය.
අනුර දිසානායක ජනාධිපති ධුරයට පත් වූ පසු කෙඳිරියක් පවා නොමැතිව සිටින්නේ මුදල් ගත් නිසා බවත් ඔහු පැවසුවේ ජන අරගල සන්ධානය විසින් සංවිධානය කර තිබූ ගම්පොළ ප‍්‍රදේශයේ ජනහමුවක් අමතමිනි.