SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ එවකට මාධ්‍ය ප‍්‍රධානියෙකු විසින්

තමන්ට මරණ තර්ජන කළ බවට ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියකු පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ.

 

 

කහතුඩුව පොලිසියට ඔහු කර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි කියැවෙන්නේ, ජනාධිපති මාධ්‍ය අංශයේ තිබූ ඩ්‍රෝන කැමරාවක් ඇතුළු උපකරණ කිහිපයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බවත් ඒ අතරතුර මෙම තර්ජනය එල්ල කරන ලද බවත් ය.

 

සිදුවන විමර්ශන සම්බන්ධයෙන් තොරතුරු දෙන්නේ තමන් බව චෝදනා කරමින්  මෙම පුද්ගලයා තමන්ට මරණ තර්ජනය කළ බවත්, තමන් කෑලි කෑලි වලට කපා දමන බවත් පවසමින් තර්ජනය කළ බවත් එකී පැමිණිල්ලේ දක්වා ඇතැයි කියැවේ.

 

කහතුඩුව පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.

 

 

නවතම ලිපි