SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු මැතිවරණ ප්‍රතිඵලය අද රාත්‍රී 10.00 වනවිට

නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

 

 

මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා මධ්‍යස්ථාන 13,314 කදී පෙරවරු 7 ට ආරම්භ වූ අතර පස්වරු 4 ට අවසන් වේ.

 

පළමු තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 5 ට ආරම්භ වන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාවය මත සියලු ගණන් කිරීම් තීරණය වේ.

 

කෙසේ වෙතත්, සවස් කාලයේ කාලගුණික බලපෑම් ඇති විය හැකි නිසා හැකි තරම් පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට යෑම යෝග්‍ය වේ.

 

මේ අතර ඡන්ද විමසීම සිදු කරන කාලය පුරාවට 'විශේෂ මැතිවරණ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක්' මැතිවරණ කොමිසම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් නියෝජිතායතන සමඟ සම්බන්ධීකරණය කරමින් ස්ථාපිත කර ඇති අතර එය 2024 නොවැම්බර් 12 සිට 16 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.

 

 

මැතිවරණ කාලසීමාව තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති  හදිසි ඇමතුම් අංකය 117 හෝ විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරිය අංක 0113 668032/ 0113 668087/ 0113 668025/ 0113 668026 සහ 068113 6 ට මැතිවරණයට බාධා පැමිණෙන ආපදා තත්වයන් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

නවතම ලිපි