දස වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
බිමල් රත්නායක ගේ නම යෝජනා වී ඇතැයි පක්ෂ ආරාංචිමාර්ග පවසයි.
බිමල් රත්නායක මෙවර ජාතික ලයිස්තුව නියෝජනය කළ අතර ඒ මගින් පාර්ලිමේන්තු වරම් ලබා ඇත.
එමෙන්ම මීළඟ පාර්ලිමේන්තුවේදී සභා නායකවරයා වශයෙන් අමාත්‍ය විජිත හේරත් පත්වනු ඇත.
පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම එළැඹෙන විසි එක්වෙනිදා පැවැත්වේ.
අගමැතිනී හරිනි අමරසූරිය නව පාර්ලිමේන්තුවේ ද අගමැති ධූරයේ කටයුතු කරන බව වාර්තා වේ.