SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට තම නම

අත්තනෝමතිකව ඇතුළු කරවා ගැනීම හේතුවෙන් රවී කරුණානායක ගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

 

එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරාචිමාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ අනු දැනුමකින් තොරව රවී කරුණානායක වෙනත් පක්ෂයක ලේකම්වරුවකු හරහා ඒ සඳහා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවයි.

 

ඒ මගින් ඔහු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් මෙම පියවර ගන්නා බව එකී ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

මේ අතර දැනට ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට සාගල රත්නායක ඇතුලත් කිරීමට විරෝධතා එල්ලව ඇති බැවින් එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම අවස්ථාව ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම්ව ඇතැයි මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වේ.

 

 

නවතම ලිපි